ජනපතිට සහාය දුන්නත් එජාපයට යන්නේ නැ

ජනපතිට සහාය දුන්නත් එජාපයට යන්නේ නැ

2024 ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් සහය ලබාදුන්නද කිසි දිනක එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය පාක්ෂිකයන් දැනුවත් කිරිමට (30) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැස්විමක් අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදි සහයෝගය ලබාදුන්නද තමන් කිසි දිනක ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ හැර නොයන බවයි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතත්, චමල් රාජපක්ෂ මහතාත්, නාමල් රාජපක්ෂ මහතාත් මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදිමට තිරණය කල නිසා තමන් ඇතුළු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්විමෙන් පසු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කල බවයි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදිමට ඉදිරිපත් වු මන්ත්‍රිවරුන් නොමැතිව කිසි විටක ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂකයා දිනවිය නොහැකි බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 08 දෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වි සිටින නිසා 2024 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නාවලපිටිය ප්‍රදේශය පුරා පැවති ප්‍රචාරක රැස්විම් වලට අමාත්‍ය අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සහ මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.වේළුකුමාර් යන පිරිස සහභාගි විය.