මහේල ලද සුවිශේෂී අවස්ථාව

මහේල ලද සුවිශේෂී අවස්ථාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනට ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව අද දිනයේ හිමිවුණා.

ඒ, ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටේස්ට් තරගය ආරම්භයේදීයි.

ඔහු ඉතිහාසගත වන්නේ, ලෝඩ්ස් පිටියේ දී එසේ සීනුව නාද කිරීමේ ඵෛතිහාසික අවස්ථාව හිමිකර ගත් 8 වැනි ශ්‍රී ලාංකිකයා ලෙසයි.

මීට පෙර, මාවන් අතපත්තු, චමින්ද වාස්, සිදත් වෙත්තමුණි, අර්ජුන රණතුංග හා කුෂි ගුණසේකර කුමාර් සංගක්කාර එම අවස්ථාව හිමිකරගනු ලැබුවා.