දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර සහ හාලි ඇල, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර සහ තුම්පනේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, වරකාපොළ, අරණායක, යටියන්තොට, රුවන්වැල්ල සහ කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා හෙට (09) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මෙම දිස්ත්‍රික්ක සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බැවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.