LPL බලන්න එන අයට විශේෂ දැනුම් දීමක්

LPL බලන්න එන අයට විශේෂ දැනුම් දීමක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (21) කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ ගෝල් මාර්වල්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරය.

මෙම තරගය අද රාත්‍රී 7.30ට ඇරඹීමට නියමිතව තිබෙනවා.

මේ අතර සංවිධායකින් පවසන්නේ නරඹන්නන් සඳහා ක්‍රීඩා පිටියේ ගේට්ටු සවස 5.30ට විවෘත කරන බවයි.

මාළිගාවත්ත, පන්සල් මාවත වසා දැමෙන අතර ක්‍රීඩාංගණයට පැමිණෙන රථ වාහන දොස්තර බබාපුල්ලේ මාවත භාවිත කළ යුතු බවයි සඳහන් වන්නේ.

සංවිධායකින් වැඩිදුරටත් පවසන්නේ, නරඹන්නන්ට සිය වාහන ඇපල් වත්ත සහ ශ්‍රී සුදර්මාරාම මාවත යන ප්‍රදේශවල නවතා තැබිය හැකි බවයි.

මෙම තරගයේ පළමු ඉනිම නිමාවූ පසු ඩ්‍රෝන යානා 500ක පමණ සහභාගීත්වයෙන් විශේෂ සංදර්ශනයක් පැවැත්වීමට නියමිතයි.