ගල් කුඩු ප්‍රවාහනය කල ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ගල් කුඩු ප්‍රවාහනය කල ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

හැටන් ප්‍රදේශයේ පිහිටි ගල් කොරියක සිට ගල් කුඩු ප්‍රවාහනය කල ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලිමෙන් එම ටිපර් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (14) දින උදැසන 08 ට පමණ හැටන් කුඩාඔය ආර්ගිල් වත්ත ප්‍රදේශයේදිය.

ගල් කොරියේ සිට හැටන් දක්වා ගල් කුඩු ප්‍රවාහනය කරමින් තිබු තවත් ටිපර් රථ දෙකක් අනතුරට පත් ටිපර් රථය ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි ටිපර් රථය රියදුරු පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් ටිපර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.