ලොහාන්ට අයත් ව්‍යාජ අංක තහඩු යෙදූ තවත් ජීප් රථයක් හමුවෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිසියට ලද තොරතුරකට අනුව තෙල්දෙණිය පොලිස් වසමේ අයි.සී.සී. නිවාස සංකීර්ණයේ (නො. 1/164) කිසිවෙකුත් පදිංචි නොමැති පාළු නිවසක ගරාජයක් තුළ එම ජීප් රථය නවතා තබා තිබූ බව තෙල්දෙණිය පොලිසිය කියයි.
මෙම රථය හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ නිවසේ සිට පසුගියදා මිය ගිය ඔහුගේ පුද්ගලික ලේකම්වරයාගේ මැදිහත් වීම මත වෙනත් පුද්ගලයෙකු විසින් මෙම ස්ථානයට ගෙනැවිත් දමා ඇති බවට තොරතුරු අණාවරණය වන බවයි, තෙල්දෙණිය පොලිසිය පවසන්නේ.
මිට්ෂුබිෂි වර්ගයේ එම ජීප් රථය සඳහා කේ.එන්.5556 යනුවෙන් ව්‍යාජ අංක තහඩුවක් සවිකොට තිබී ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද විමර්ශන වලදී එම අංකය හිමි තවත් රතු පැහැති පෙට්‍රල් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර මෙම රථය පිළවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් ජීප් රථයක් බවද පොලිසිය පවසයි.
මේ වන විට එම සැකකටයුතු ජීප් රථය තෙල්දෙණිය පොලිස් භාරයට ගෙන ඇති අතර තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.