හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලයනල් ප්‍රේමසිරි සජබයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලයනල් ප්‍රේමසිරි සජබයට

හිටපු ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලයනල් ප්‍රේමසිරි මහතා සමඟි ජන බලවේගයට එක් වී තිබෙනවා.

ලයනල් ප්‍රේමසිරි මහතා 2004 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.

දේශපාලන මතගැටුම් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ ඔහු 2007 සිට 2010 කාලයේ සමාජ සේවා සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා.