තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති අයට විශේෂ දැනුම් දීමක්

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති අයට විශේෂ දැනුම් දීමක්

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති සියළු දෙනාට සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසය වන විට ස්ථීර රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරින් ජනරාල් අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ 2020 වසරේ ඇති වූ ආර්ථික ගැටලුවත් සමග රියදුරු බලපත් කාඩ්පත් මුද්‍රණයට අවශ්‍ය කාඩ් ගෙන්වීමේ ගැටළුවකට මුහුණ දීමට සිදුවු බවත් මෙම ප්‍රශ්ණය හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණය නිකුත් කිරීමට නියමිතව තිබුනද ඔවුන් සඳහා තාවකාලික මුද්‍රිත රියදුරු බලපත්‍ර ලබා දීමට සිදුවූ බවත්ය.

මේ වනවිට අවශ්‍ය කාඩ් ආනයනය කර ඇති බවත් සාමාන්‍යයෙන් අලුතින් රියදුරු බලපත්‍ර හා අලුත් කිරීම් සඳහා වසරකට රියදුරු බලපත් ලක්ෂ 9ක් 10ක් මුද්‍රණය කළ යුතු බවත් මේ ප්‍රමාණයට නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර ප්‍රමාණය සමග මුද්‍රණ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදුවූ බවත් ඔහු පවසනවා.