වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී තිබූ ගැටලුවකට විසඳුම්

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී තිබූ ගැටලුවකට විසඳුම්

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කරන්නැයි ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය  විජිත හේරත් මහතා උපදෙස් ලබා දී තිබේ.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම නිසා ජනතාව මුහුණ දෙන ගැටළුවට විසැඳුම් ලෙස මෙම පියවර ගෙන ඇත.

බස්නාහිර පළාතේ පදිංචි කරුවකුගේ වාහනයක් වෙනත් පළාතක ලියාපදිංචි වී ඇති අවස්ථාවක එම පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සලකා බලා ඉහත පියවර ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම නිසා බස්නාහිර පළාත ද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන්නැයි අමාත්‍ය විජිත හේරත් මහතා  බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී ඇත.