ඡන්දෙට රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

ඡන්දෙට රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි නොවන පරිදි අදාල මැතිවරණ නිවාඩුව ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.