පොඩි ලැසී භාවිත කළ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් භාරයට
පොඩි ලැසී භාවිත කළ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී ජනිත් මධුෂංක නොහොත් පොඩි ලැසි භාවිත කළ ජංගම දුරකතන ඇතුලු උපාංග අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
පරීක්ෂාව සඳහා සිරමැදිරියට නිලධාරීන් ඇතුලු වීමේ දී රැඳවියා මෙම උපාංග සිරමැදිරියේ ඇති කවුළුවකින් ඉවතට විසි කර තිබෙනවා.
මෙම උපාංග වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර පාලන අධිකාරිවරයා වෙත භාරදී තිබෙනවා.