පාසල් ළමුන් මග දමා ගිය ලංගම රියදුරු – කොන්දොස්තරට වුන දේ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්රතික්ෂේප කළ ලංගම රියදුරෙකුගේ සහ කොන්දොස්තරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්රික් ප්රධාන ප්රාදේශීය කළමණාකාර කාර්යාලය සඳහන් කරයි.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, අලුත්ගම කොළඹ ධාවනය වූ අලුත්ගම ඩිපෝවට අයත් අංක NC 0755 බස් රථයේ සේවය කළ රියදුරු සහ කොන්දොස්තරවරයාගේ බව එම කාර්යාල ප්රකාශකයෙක් පැවසීය.
අලුත්ගම, මතුගම සහ කළුතර ඩිපෝවට අයත් බස් රථ කළුතර සහ වාද්දුව අතර රැදී සිටින පාසල් ළමුන් කාලයක පටන්ම නංවාගැනීම ප්රතික්ෂේප කරන බවට ලංගම වත්මන් සභාපති රමාල් සිරිවර්ධනට ලද තොරතුරක් මත එම ඩිපෝවල අධිකාරිවරුන් පාසල් ළමුන් රැදී සිටින බස් නැවතුම්පොළවල්වල රඳවා බස් රථ නවත්වන ලෙස සභාපති වරයාගේ උපදෙස් පරිදි ප්රධාන ප්රාදේශීය කළමණාකරු කටයුතු කර තිබේ.
එහෙත් එදින පමණක් එම බසය නවත්වා පසුව නැවත නොනවත්වා ධාවනය කිරීමට එම රියදුරන් කටයුතු කර ඇති බවට වාර්තා වූ බව කළුතර ලංගම උසස් නිළධාරියෙක් පැවසීය.
ඒ අනුව, අද (06) නැවත ඩිපෝ අධිකාරිවරුන් මෙන්ම ජංගම පරීක්ෂකවරුන්ද යොදවා පරීක්ෂා කිරීමේදී රියදුරු සහ කොන්දොස්තර එම නිළධාරීන් සමගද බහින්බස් වීමක් සිදුකරගෙන තිබූ බවද සදහන් වේ.
එහිදී බස් රථ රියදුරු විසින් “මොකා කීවත් ආයේ නවත්වන්නේ නෑ, පුළුවන් දෙයක් කරන්න” යනුවෙන් පවසා පිටව ගොස් ඇති බවද වාර්තාවේ.
සිද්ධිය ජංගම දුරකථන දර්ශන සමගින් ලංගම නව සභාපති රමාල් සිරිවර්ධනට ලැබෙන්නට සැලැස්වීමත් සමග අදාල රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම් කිරීමට පියවර ගත්බව කළුතර දිස්ත්රික් ප්රධාන ප්රාදේශීය කළමණාකාර කාර්යාලය සඳහන් කළේය.
පාසල් සිසුන්ද ඔවුන්ගේ දෙමව්පියන්ද කාලයක පටන් මෙම ගැටලුව සම්බන්ධව පාලන අධිකාරිය දැනුම්වත් කර තිබී ඇත.
පැවති පරිපාලන දුර්වලතා හේතුවෙන් රියදුරන් සහ කොන්දොස්තරවරු සිය අභිමතය පරිදි මගීන් නංවාගැනීම සිදුකර ඇති බවත් ලංගම ආරංචි මාර්ග සඳහන් කරයි.