තිලක් රාජපක්ෂ සහ ලලිත් එල්ලාවලත් සජබෙට එක්වෙයි

තිලක් රාජපක්ෂ සහ ලලිත් එල්ලාවලත් සජබෙට එක්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබේ.

නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන තමන් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවටත් ඔවුහු ප්‍රකාශ කර ඇත.

එහිදී, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 ම හොරු නොවන බව ප්‍රකාශ කර ඇති ලලිත් එල්ලාවල මහතා ‘හොරු නොවන අපි’ ලෙස නව සන්ධානයක්ද ආරම්භ කළ බව ද පවසා තිබේ.