දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 30 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 30 වන අඟහරුවාදා

රාහු කාලය
3:24 pm – 4:57 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

තම ව්‍යාපාරවල ඉහළ දියුණුවක් ගෙනදෙයි. තරමක් වෙහෙසව වැඩ කිරීමට සිදුවන අතර ආදායම් තත්ත්ව වර්ධනය වෙයි. තම තැන්පත් ධනයෙහි වර්ධනයකට ද හේතුවේ. හදිසි ලාභද දෙයි. පාද ආබාධ ඉදිමුම් ඇතිවේ.

Date: 2024-07-30

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. තම වටිනාකම ප්‍රදර්ශනය වන අතර දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. උත්සව සාද වැනි දේවල් යෙදේ. ශුභවාදී මිතුරු සංගමයකට හේතුයි. ස්නායු රෝග වාත රෝග මතුවේ.

Date: 2024-07-30

ජය අංකය: 04
ශුභ වර්ණය: තැඹිලි
Qries

මිථුන

රැකියා ස්ථානවල ඇති බාධා ඉවත් වෙයි. තරමක් ගමන් බිමන් යෙදේ. නීතිමය ගැටලු මතුවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමින් ක්‍රියාකළ යුතු දිනකි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. මූල රෝග භගන්දරා වැනි රෝග මතු කරයි.

Date: 2024-07-30

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

රැකියා ස්ථානවල බාධා ඉවත් වෙයි. පහසුකම් සැලසේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. ශුභවාදී චරිත අවබෝධකර ගැනීමට අවස්ථා යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන හදිසි ලාභ ලබන දිනකි. ශිරෝගත රෝග මතු කරයි.

Date: 2024-07-30

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ක්‍රියාකාරී දිනකි. වෙළෙඳ ව්‍යාපාරවලට තිබූ බාධා ඉවත්කර ගැනීමේ ශක්තිය ඇතිවෙයි. පොළොවෙන් ලාභ ලැබීම් ඇතිවෙයි. විදෙස් ගමන් සඳහා යොමුවීමට අවශ්‍ය ක්‍රියාකිරීම ශුභයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවෙයි.

Date: 2024-07-30

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

කන්‍යා

ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකී බැවින් අතපසුවීම් ඇතිවෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතුයි. තම අඩුපාඩු විවේචනයට හේතුවන බැවින් බුද්ධිමත් විය යුතුයි. හදිසි ධන ලාභද ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2024-07-30

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ක්‍රියාකාරී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් මතු වෙයි. තමන් විවේචනයට ලක්වෙයි. දුරදිග බලා තීන්දු තීරණ ගැනීම මැනවි. ගමන් බිමන් යෙදේ. ඉතා ප්‍රවේශමෙන් ක්‍රියාකළ යුතුයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2024-07-30

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

සාදු ගුණයෙන් ක්‍රියා කරයි. ඇසුරු කරන්නන් අතර මතවාද පැන නගී. අපක්ෂපාතීව තීරණ ගතයුතු දිනකි. බන්ධු වර්ගයා උදෙසා තරමක් වැයපස ඉහළ යයි. ඉවසීම මැනවි. උදරාබාධ මූල රෝග මතුවේ.

Date: 2024-07-30

ජය අංකය: 09
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

තම අභිමතයට වැඩ කිරීමෙන් සතුරු බලපෑම් වර්ධනය වෙයි. සිත් කලකිරීම් ඇති කරවන ක්‍රියාවන්හි යෙදේ. වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවෙයි. තම වෙළෙඳ ව්‍යාපාරවල තරමක අවාසි ගෙනදෙයි. සිරසගත රෝගද දෙයි.

Date: 2024-07-30

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා කොළ
Qries

මකර

ගමන් බිමන් අධික වන අතර වැයපසද නොසිතූ ලෙස ඉහළ යයි. ප්‍රේම සබඳතාවලට බාධා එල්ල වෙයි. ඇසුරු කරන්නන් සමග කතාවේදී ප්‍රවේශම්වීම මැනවි. අමතර ලාභ ලැබීම් ඇතිවෙයි. සෙම් කෝප රෝග දෙයි.

Date: 2024-07-30

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

රාජකාරිවලදී කැපී පෙනෙයි. අමතර වැයවීම් මත ණයතුරුස්වලට හේතු බැවින් බුද්ධිමත්වීම මැනවි. වාද විවාදවීම් ශුභවාදී නොවේ. දහමට ළැදිව ක්‍රියාකරයි. හදිසි ධන වාසනා ලබයි. ආමාශ ගත රෝග මතු කරයි.

Date: 2024-07-30

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

වෙළෙඳ ව්‍යාපාරවලින් තරමක් ජය අත්වෙයි. තම ශක්තියෙන් කරන ක්‍රියාවන් ජයවෙයි. රාජකාරි ස්ථානවල කැපී පෙනෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. සන්ධි රෝග ඉදිමුම් රෝග මතුවේ.

Date: 2024-07-30

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ