දවසේ ලග්න පලාපල – 2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා

Qries

මේෂ ක්‍රියාකාරි දිනකි. තම අරමුණු පසෙකලා අනුන් වෙනුවෙන් ක්‍රියා කිරීමට සිදුවෙයි. ගමන් බිමන් බහුල වීම නිසා වැයපස ඉහළ යයි. වාද විවාද වැනි දේවල් සුදුසු නැති දිනකි. සිරසගත රෝග මතු කරයි.

Date: 2025-02-11

ජය අංකය: 01

ශුභ වර්ණය: තද රෝස

Qries

වෘෂභ රාජකාරි බහුල වීම මත අවිවේකී බවක් ගෙන දෙයි. යටපත්ව තිබූ සතුර බලපෑම් ඉස්මතු කරයි. සිත් චංචල කරවයි. තම ව්‍යාපාරවල යහපත් වෙනසක් පෙනෙන අතර පාද ආබාධ මතු කරයි.

Date: 2025-02-11

ජය අංකය: 04

ශුභ වර්ණය: ක්‍රීම්

Qries

මිථුන ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදු වෙයි. තරමක් අවාසි සහගත තත්ත්ව උදා වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් ක්‍රියාකළ යුතු අතර නරක විතරක් ශුභවාදී නොවේ. බඩවැල් ආශ්‍රිත රෝග දෙයි.

Date: 2025-02-11

ජය අංකය: 03

ශුභ වර්ණය: කොළ

Qries

කටක තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවේ. රාජකාරිවලදී මතවාද පැනනඟී. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු අතර අලුත් සැලසුම් ක්‍රියාත්මක කරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. හදිසි ලාභ ලබයි. ශිරෝ රෝග, මුත්‍රා රෝග මතුවෙයි.

Date: 2025-02-11

ජය අංකය: 03

ශුභ වර්ණය: රෝස

Qries

සිංහ ශුභ ඵල මතු කරයි. උගතුන් ඇසුරට පත්වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. තම ඥාතීන්ගේ අරමුණු මත බාධා වර්ධනය වෙයි. දහමට ළැදිව ක්‍රියා කරයි. සෞඛ්‍ය පිළිබඳව ගැටලු මතු කරයි. දෝෂ දෙයි.

Date: 2025-02-11

ජය අංකය: 07

ශුභ වර්ණය: රෝස

Qries

කන්‍යා තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ක්‍රියාශීලි දිනකි. උනන්දුවෙන් රැකියාවල යෙදේ. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. ආමාශගත රෝගවලට හේතුයි.

Date: 2025-02-11

ජය අංකය: 06

ශුභ වර්ණය: ළා කොළ

Qries

තුලා ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. සම්මුඛ පරීක්‍ෂණ සාකච්ඡා ආදියට ශුභයි. කෙටි ගමන් බිමන් බහුල වෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හන්දි රෝග, ඉදිමුම් රෝග ආදියට හේතුයි.

Date: 2025-02-11

ජය අංකය: 08

ශුභ වර්ණය: සුදු

Qries

වෘශ්චික ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. තම අරමුණු බාධා ගෙන දෙයි. අවිවාහකයන්ට ශුභයි. ළඟම ඥාතියකු වෙනුවෙන් අවශ්‍යතා මත මිල මුදල් වැයවේ. උදරාබාධවලට හේතුයි. තීරණ ගැනීමේදී දුර දිග බලා ක්‍රියාකළ යුතුයි.

Date: 2025-02-11

ජය අංකය: 02

ශුභ වර්ණය: රතු

Qries

ධනු කෙටි ගමන් බිමන් යෙදේ. තම ව්‍යාපාරවල වෙහෙසව ක්‍රියා කරයි. ප්‍රතිඵල ශුභ දායක වෙයි. තරමක් මිල මුදල් ද වැය වන දිනකි. දහමට ළැදිවෙයි. ආමාශගත රෝග මතු කරයි. හදිසි ධන වාසනා එල්ල වන දිනකි.

Date: 2025-02-11

ජය අංකය: 05

ශුභ වර්ණය: කහ

Qries

මකර අතර මග නතර කළ වැඩකටයුතු ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇති කරයි. විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදේ. මිල මුදල් අවශ්‍යතා ලෙස වැය වේ. හදිසි රෝග, ශල්‍ය කර්මවලට හේතුයි. ප්‍රීති උත්සව යෙදෙන දිනකි.

Date: 2025-02-11

ජය අංකය: 08

ශුභ වර්ණය: නිල්

Qries

කුම්භ ක්‍රියාකාරි දිනකි. සමාජ සද්කාරක ක්‍රියා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. නිවස උත්සවශ්‍රියාවක් මතු කරයි. වැයපස ඉහළ යයි. ආගමික පුද පූජාවල යෙදේ. වාතාධික රෝග, සන්ධි රෝග මතු කරයි.

Date: 2025-02-11

ජය අංකය: 05

ශුභ වර්ණය: නිල්

Qries

මීන සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදේ. අවිවේකී දිනකි. සුපුරුදු රාජකාරිවල ද යෙදේ. සතුරු බලපෑම් මත මනස චංචල වෙයි. වැයපස ද ඉහළ යයි. සිරසගත රෝගවලට හේතුයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි.

Date: 2025-02-11

ජය අංකය: 09

ශුභ වර්ණය: ළා රතු