දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා

රාහු කාලය
2:58 pm – 4:29 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ක්‍රියාශීලී දිනකි. රාජකාරි ද බහුල වෙයි. තම ක්‍රියාකාරකම් විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් තරමක් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. උත්සව, සාද යෙදෙන අතර නව මිතුදම් ඇතිවෙයි. ස්නායුගත රෝගාබාධ ඇතිවෙයි.

Date: 2024-10-08

ජය අංකය: 01
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ගමන් බිමන් තරමක් යෙදෙන අතර අවිවේකී බවක් මතුකරයි. අතපසුවීම් ඇතිවෙයි. මතවාද ඇතිවීමට ඉඩ ඇති බැවින් දවස ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. භූමි ලාභ සම්පත් ළඟා කරයි. උදරාබාධ, මූල රෝග මතුකරයි.

Date: 2024-10-08

ජය අංකය: 03
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

තම ව්‍යාපාරවල පැහැදිලි ජයක් පෙනේ. පසුපසින් හඹා පැමිණි සතුරු බලපෑම් ඉවත් කර ගැනීමේ ශක්තිය උදාවෙයි. අන් අයගේ උපදෙස් උපකාර ලබයි. හදිසි ලාභ ගෙනදෙයි. සෙම් බහුල රෝග, උෂ්ණ රෝග දේ.

Date: 2024-10-08

ජය අංකය: 02
ශුභ වර්ණය: කොළ
Qries

කටක

අවිවේකී දිනකි. ඇසුරුකරන්නන් නිසා තරමක් අවිවේකී බවක් මතුකරයි. රාජකාරිවලදී ප්‍රවේශම ද මතුවේ. නොකළ වැරදි මත චෝදනා එල්ල වීමට ඉඩ ඇතත් මනසට ජය දෙයි. සිරසගත පීඩා උෂ්ණ රෝගාදිය මතුවේ.

Date: 2024-10-08

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. තම ව්‍යාපාරවල ද දියුණුවක් දැකගත හැකි අතර උනන්දුවෙන් ක්‍රියා කරයි. සතුරු බාධා ඉවත් වෙයි. භූමි ලාභ, භූමි සම්පත් ලාභ ලබයි. මුත්‍රා ආසාදන රෝග ද මතුකරයි.

Date: 2024-10-08

ජය අංකය: 05
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

රැකියා ස්ථානවල ප්‍රසාදයට පත්වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන් ඇසුරට පත්වෙයි. පොදු සේවා කටයුතුවල ද යෙදේ. තනතුරු ලාභ ලැබීම් වැනි දේවලට හේතු ගෙනදෙයි. ආමාශගත රෝග මතුවේ.

Date: 2024-10-08

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

උනන්දුවෙන් රැකියාවන්හි යෙදේ. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. විදෙස් ගමන් වැනි දේවලට හේතු කරුණු ඉෂ්ට වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර ලාභ ලබන දිනකි. සෙම් බහුල රෝග මතුකරයි.

Date: 2024-10-08

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ක්‍රියාකාරී දිනකි. කළ යුතු ක්‍රියාකාරකම් සාර්ථකව ඉටු කරයි. සුළුවෙන් හෝ ධන ලාභ ගෙනදෙයි. ව්‍යාපාරවල දියුණුවක් දැකිය හැකි අතර මහන්සියෙන් ක්‍රියා කරන දිනකි. මූලාර්ශස් රෝග, ආමාශගත රෝග මතුවේ.

Date: 2024-10-08

ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ආගමානුකූල ක්‍රියාදම් අනුව ක්‍රියා කරයි. උනන්දුවෙන් රාජකාරිවල ද යෙදේ. ඇසුරුකරන්නන් සමග තමන් ප්‍රධානව ක්‍රියා කරයි. වැයපස ඉහළ යයි. හදිසි රෝග, කැපුම් කෙටුම් වේ.

Date: 2024-10-08

ජය අංකය: 06
ශුභ වර්ණය: ලා රෝස
Qries

මකර

කාර්ය බහුල වෙයි. විනෝදාත්මක ක්‍රියාවන් ද දියත් කරයි. චාරිත්‍ර වාරිත්‍ර ගරු කර කටයුතුවල යෙදේ. ආගමික වතාවත් ද ගරු කරයි. තරමක් ගමන් බිමන් බහුල වෙයි. ස්නායු රෝග, සන්ධි ප්‍රදාහ රෝග මතුවේ.

Date: 2024-10-08

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ක්‍රියාශීලියි, දහමට ද ළැදියි. ශුභවාදී ක්‍රියාකාරකම් මත දවසේ වැඩ අරඹයි. තම අරමුණු ජයගනී. පරෝපකාරීත්වය මත ක්‍රියාකාරකම්වල යෙදෙන දිනකි. කොන්දේ අමාරු, වාත රෝග මතුවේ.

Date: 2024-10-08

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

උනන්දුවෙන් දවසේ වැඩකටයුතුවල යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. චාරිත්‍ර ක්‍රියාවන්වල ද යෙදෙන අතර ඇසුරුකරන්නන් සමග විනෝදජනක වැඩවල යෙදෙන දිනකි. සෙම් රෝග, උගුරේ අමාරු ඇතිවෙයි.

Date: 2024-10-08

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්