දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 21 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 21 වන බදාදා

Qries

මේෂ

ශුභා ශුභ ඵල දෙයි. රාජකාරිවල දී තරමක අවිවේකී වෙයි. උත්සව සභාවන් ද යෙදේ. මහජන සබඳතා වර්ධන ක්‍රියාවන් යෙදෙන අතර අමතර ලාභ ලැබීම් ද ගෙනදෙයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2024-08-21

ජය අංකය: 09
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ඇසුරු කරන්නන් නිසා පීඩාවට පත්වීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා ක්‍රියා කළයුතුය. අමතර ක්‍රියාකාරකම් බහුල වීමෙන් වැයපස ද ඉහළ යයි. භූමි ලාභ ගෙනදෙන දිනකි. මූල රෝග භගන්දර රෝග මතුකරයි.

Date: 2024-08-21

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ක්‍රියාකාරී දිනකි. රාජකාරි බහුලයි. අතපසුවීම්වලට හේතුයි. විවේචනයට ලක්වීමට ද ඉඩ ඇති බැවින් ඉවසීමෙන් ක්‍රියාකළ යුතුය. තම ව්‍යාපාර ඉහළ මට්ටමක පවතින දිනකි. මුත්‍රා රෝග, අශ්මරි රෝග මතුකරයි.

Date: 2024-08-21

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

අවිවේකී දිනකි. රාජකාරි ක්‍රියාද අමතර ක්‍රියාද ඇතිවන හෙයින් අතපසුවීම්වලට හේතුයි. ඒ නිසාම විවේචනයට තුඩුදෙන ක්‍රියා යෙදේ. මහජන සබඳතා වර්ධනය වන ක්‍රියාද යෙදේ. සෙම් රෝග, උෂ්ණ රෝග මතුකරයි.

Date: 2024-08-21

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභා ශුභ මිශ්‍ර ඵල උදාකරයි. කලබලකාරී වාතාවරණයක් සෑදේ. ගමන් බිමන් ද බහුල දිනකි. අතපසුවීම්වලට හේතුයි. වැයපස ද අධික වෙයි. රැකී රක්‍ෂා ස්ථානවල ප්‍රසාදය දිනයි. සිරසගත රෝග සාදයි.

Date: 2024-08-21

ජය අංකය: 03
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභා ශුභ මිශ්‍ර ඵල මතුකරයි. දුර ගමන් යෙදේ. තනි තීරණ ගැනීම ශුභවාදී නොවේ. පරාර්ථකාමි ගති මතු කරයි. නව නිර්මාණ ඇරඹීම ශුභයි. ප්‍රසාදයට පත් වන අතර අරමුණු ජය ගනී. පාදවල ආබාධ ඉදිමුම් රෝගාදියට හේතුයි.

Date: 2024-08-21

ජය අංකය: 01
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභා ශුභ මිශ්‍ර ඵල උදාකරයි. තම සැලසුම් දියත් කිරීමේ අවස්ථා යෙදේ. රාජකාරි බහුල වෙයි. තරමක් අවිවේකී බැවින් ආවේගශීලී ගති ඉස්මතු කරයි. ආර්ථික වාසි සැලසේ. සිරසගත රෝග ඉස්මතු වෙයි.

Date: 2024-08-21

ජය අංකය: 06
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභවාදී ඵල මතු කරයි. ප්‍රබෝධමත්ව ක්‍රියාකරන දිනකි. රාජකාරිවල ද ක්‍රියාශීලීව යෙදේ. ස්වයං රැකියාවලින් ජය ලබයි. ලිපි ලේඛනවලින් ජය ලබාගත හැකි අතර අභ්‍යන්තර ඉන්‍ද්‍රියන්හි රෝග මතුකරන දිනකි.

Date: 2024-08-21

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභා ශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන් ද තරමක් බහුල වෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. විනෝද ක්‍රියාකාරකම්වල ද යෙදෙන දිනකි. නේත්‍ර රෝග මුඛ රෝග මතුවේ.

Date: 2024-08-21

ජය අංකය: 02
ශුභ වර්ණය: ළා රෝස
Qries

මකර

ක්‍රියාකාරකම් බහුලයි. විනෝද ගමන් වන්දනා ගමන් වැනි දේට හේතුයි. දාන පුණ්‍යකර්ම ක්‍රියාවන්හි යෙදෙන වැයපස ද ඉහළ යන දිනකි. හදිසි ලාභ ද ලබයි. වාතාධික රෝග මතු කරයි.

Date: 2024-08-21

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

විනෝදජනක උත්සව ගමන් බිමන් බහුල වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. ආගමික උත්සවවල ද යෙදෙන තරමක් මිල මුදල් වැය කරන දිනකි. පොදු සේවා කටයුතුවල ද යෙදෙන දිනකි. සෙම් කෝප රෝග මතුවේ.

Date: 2024-08-21

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

සැහැල්ලු සිතින් දවස ගෙවයි. ආගමික වතාවත් පුද පූජා කර්ම වැනි දේවල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ඇතිවෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි.

Date: 2024-08-21

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්