දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 20 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 20 වන අඟහරුවාදා

රාහු කාලය
3:19 pm – 4:51 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. රැකියා ස්ථානවල කැපීපෙනෙන චරිතයකි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. රාජකාරි ද බහුලයි. අමතර ක්‍රියාකාරකම් ද යෙදේ. හදිසි ලාභ ද ලබයි. සෙම් ආශ්‍රිත රෝග, උෂ්ණ රෝග මතුකරයි.

Date: 2024-08-20
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

වෘෂභ

අවිවේකී දිනකි. රාජකාරි බහුල වෙයි. අමතර ගමන් බිමන්ද යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැය කිරීමට ද සිදුවන අතර මහජන සබඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. මුත්‍රලිංග පද්ධතියේ රෝගවලට හේතුයි.

Date: 2024-08-20
ජය අංකය: 04
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ක්‍රියාකාරී දිනකි. පොදු සේවා, සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. යටපත්ව තිබූ සතුරු බලපෑම් මතුවීම නිසා සිත් චංචල කරවයි. ලිපි ලේඛන තුළින් ජය ගෙන දෙන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2024-08-20
ජය අංකය: 03
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

දුර ගමන්වල යෙදෙන අතර මහජන සබඳතා වර්ධනය වන ක්‍රියාවන්හි යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. වාද විවාද ශුභවාදී නොවේ. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. ශිරෝගත රෝග, උගුර ආශ්‍රිත රෝග මතුවේ.

Date: 2024-08-20
ජය අංකය: 02
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. කෙටි ගමන් යෙදේ. තරමක් අලස ගති ඉස්මතු කරයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. සතුරන් දමනය වෙයි. සෙම් කෝප රෝගවලට හේතුයි.

Date: 2024-08-20
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභාශුභ ඵල දෙයි. රාජකාරි බහුල වෙයි. අවිවේකී බවක් ගෙන දෙයි. කලකිරීම් ඇති කරවන ප්‍රශ්න ඇතිකරයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2024-08-20
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ ඵල උදාකරයි. හුදෙකලා ගති මතුවෙයි. තම නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරයි. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදෙන අතර සෙම් ආසාදන රෝගවලට හේතුයි.

Date: 2024-08-20
ජය අංකය: 03
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

සාමාන්‍ය ලෙසින් දවස ගෙවෙයි. සාමාන්‍ය ලෙසින් රාජකාරිවල යෙදෙන අතර තම වෙළෙහෙළඳාම් වලින් ජයගෙන දෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ද ඉහළ යයි. මුඛ රෝග, දන්ත රෝග මතුකරයි.

Date: 2024-08-20
ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ක්‍රියාකාරී දිනකි. රාජකාරි සමග අමතර ක්‍රියාකාරකම් මත අවිවේකය ඇති කරයි. තරමක් සිත් චංචල කරයි. නවක මිතුදම් ඇති කරවයි. අන්සතු දේපළ උරුමයකට හේතු සෑදේ. උෂ්ණ රෝග මතුකරවයි.

Date: 2024-08-20
ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රෝස
Qries

මකර

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ඉහළ යයි. මතවාදවලට තුඩුදෙන ක්‍රියාවනට හේතුවන බැවින් ඉවසීමෙන් ක්‍රියාකළ යුතුය. හදිසි ධන ලාභ ලබයි. සෙම් කෝප රෝග මතුකරයි.

Date: 2024-08-20
ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ක්‍රියාකාරී දිනකි. තරමක් වැයපස ඉහළ යන කරුණු යෙදේ. අන් අයගේ අවශ්‍යතා මතද ක්‍රියා කරයි. දහමට ද ළැදිව කටයුතු කරයි. මහජන සබඳතා වර්ධනය වන කරුණු කාරණා යෙදේ. කාස ස්වාස රෝගවලට හේතුයි.

Date: 2024-08-20
ජය අංකය: 07
ශුභ වර්ණය: තැඹිලි
Qries

මීන

ක්‍රියාකාරී දිනකි. තනතුරු ලාභ ලබයි. තරමක් වගකීම් බහුල දිනකි. ගමන් බිමන් බහුල වෙයි. තරමට වඩා වැයපස ඉහළ යයි. දෙවරක් සිතා බලා ක්‍රියාකළ යුතු දිනකි. හදිසි රෝග, කැපුම් කෙටුම්වලට හේතුයි.

Date: 2024-08-20
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්