දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 10 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 10 වන බදාදා

රාහු කාලය
12:16 pm – 1:50 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ක්‍රියාකාරි දිනකි. තරමක් සන්සුන් මනසකින් ක්‍රියාකිරීමේ හැකියාව මතුවෙයි. රාජකාරි ස්ථානවල තම වටිනාකම ඇතිවෙයි. ප්‍රභූ ඇසුරට පත්වෙයි. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. ශිරෝගත රෝග, සන්ධි රෝග දෙයි.

Date: 2024-07-10 

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

රාජකාරි උනන්දුවෙන් ඉටු කරයි. කාර්යබහුලයි. තරමක් අතපසුවීම්වලට හේතුයි. ප්‍රීති සාද යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. ගමන් බිමන් ද තරමක් යෙදෙන අතර අමතර ලාභ ලබයි. සන්ධි රෝග, මුත්‍රා ආසාදන මතු කරයි.

Date: 2024-07-10
ජය අංකය: 08
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

වගකීම් පැවරෙන අතර සහන සිතින් ක්‍රියා කරයි. තම වටිනාකම ප්‍රදර්ශනය වන කටයුතු යෙදේ. තම ළඟම ඥාතීන් නිසා වැයපස ඉහළ යන කරුණු යෙදේ. අමතර ක්‍රියා යෙදේ. බඩවැල් ආශ්‍රිත රෝග, මූල රෝග දෙයි.

Date: 2024-07-10
ජය අංකය: 02

ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරකම් බහුලයි. අතපසුවීම්වලට හේතුයි. තරමක් ආවේගශීලි ගති යෙදේ. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. තම ව්‍යාපාර ඉහළ තත්ත්වයක පවතී. හදිසි ධන ලාභ සම්පත් දෙයි. සෙම් බහුල රෝග මතුවේ.

Date: 2024-07-10
 

ජය අංකය: 05
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ක්‍රියාකාරකම් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. විනෝදජනක ක්‍රියා යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. වියපැහැදම් ද අධික වන අතර අමතර ලාභ ද දෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතු වේ.

Date: 2024-07-10
 

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. විනෝදජනක ක්‍රියාවන්වල යෙදෙන අතර අමතර වියපැහැදම් අධික වේ. හදිසි ලාභ ලබයි. ස්නායුගත රෝග මතු කරයි.

Date: 2024-07-10
 

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

අවිවේකි බව ගෙනදෙන දිනකි. දුර ගමන්, වන්දනා ගමන් වැනි දේවලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් හා ඒකරාශීව ක්‍රියා කරයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ද ඉහළ යන දිනකි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2024-07-10
 

ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ප්‍රීති උත්සව, සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. උත්සව සැණකෙළි වැනි දේවල් ද යෙදෙන නව මිතුදම් දුබල වන දිනකි. දහමට ද ළැදිව ක්‍රියා කරයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2024-07-10
 

ජය අංකය: 03
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති සාද, උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ප්‍රේම සබඳතා ඇතිවෙයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. මිල මුදල් තරමක් වැය වේ. උෂ්ණ රෝග මතු කරයි.

Date: 2024-07-10
 

ජය අංකය: 01
ශුභ වර්ණය: තද කහ
Qries

මකර

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ඇසුරින් දුරස්ථ වූවන් හා බැඳේ. අමතර ලාභ ද ලබයි. මහණ ප්‍රසාදයට ලක්වන කරුණු කාරණා යෙදේ. ආගමට දහමට ළැදිව ක්‍රියාකරන දිනකි. හමේ රෝග, ආමාශගත රෝග මතුකරයි.

Date: 2024-07-10
 

ජය අංකය: 03
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරවල ප්‍රගතියක් දැකගත හැකි අතර තරමක් ආදායම ද සරු වෙයි. නමුත් හදිසි තීරණ මත අවාසි සැලසේ. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. හදිසි රෝග, ආමාශගත රෝග මතු වේ.

Date: 2024-07-10
 

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ගමන් බිමන් අධික වීමෙන් අවිවේකි වෙයි. බුද්ධිමත්ව සිතා බලා තීරණ ගතයුතු දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වන අතර ආගමික පුද පූජාවලට මුල්තැන දී ක්‍රියා කරයි. හදිසි ලාභ ද ලබයි. සෙම් කෝප රෝග මතු වේ.

Date: 2024-07-10
ජය අංකය: 09
ශුභ වර්ණය: රෝස