දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

රාහු කාලය
11:56 am – 1:26 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. දුර ගමන් ද යෙදෙන තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීමට සිදුවන දිනයකි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි ද යෙදේ. සෙම්කෝප රෝග, සිරසගත පීඩා මතුවේ.

Date: 2024-10-16

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියා ද යෙදේ. උත්සව, සම්මුඛ සාකච්ඡා වැනි දේ යෙදේ. විදෙස්ගතවීම් රැකියා ආදියෙහි යෙදෙන අතර මිල මුදල් ද තරමක් වැයවේ. රක්ත ප්‍රමේහ රෝග, සන්ධි රෝග මතුවේ.

Date: 2024-10-16

ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මිථුන

රාජකාරි බහුල වීමෙන් තරමක් විවේකය හීනයි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවේ. වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. ඇසුරුකරන්නන් අතර ප්‍රධාන වේ. හදිසි ධන ලාභ ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුකරයි.

Date: 2024-10-16

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරී දිනකි. රාජකාරිවලදී කැපී පෙනේ. ප්‍රීති උත්සව, සාද වැනි දේවල්හි යෙදේ. බලාපොරොත්තු නොවන ලෙස වැයපස ද ඉහළ යයි. අමතර ගමන් බිමන් යෙදෙන දිනකි. ශීර්ෂ රෝග, පාද ආබාධ මතුවේ.

Date: 2024-10-16

ජය අංකය: 05
ශුභ වර්ණය: සුදු
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. ලිපි ලේඛනවල යෙදේ. සුපුරුදු ක්‍රියාවන්ගෙන් තරමක් දුරස්ථව ක්‍රියා කරයි. දහමට ළැදිව ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතුවෙයි.

Date: 2024-10-16

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් සීමා වෙයි. අලස ගති මතුවෙයි. ලිවීම, කියවීම වැනි දේට මුල් තැන දෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතුවෙයි. මුඛ රෝග, නේත්‍ර රෝග මතුවෙයි.

Date: 2024-10-16

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතුවෙයි. කෙටි ගමන්වල යෙදේ. සතුරු බලපෑම් මත සිත් චංචල කරවයි. වැයපස ද ඉහළ යයි. ආර්ථික ප්‍රශ්න මතුකරයි. කලකිරීම් මත දවස ගෙවේ. ආමාශගත රෝග මතුවෙයි.

Date: 2024-10-16

ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල දෙයි. ගමන් බිමන් සීමාවෙයි. තරමක් වැයපස ඉහළ යන කරුණු කාරණා යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරයි. සිත් චංචල කරවන ක්‍රියා යෙදේ. සෙම්කෝප රෝග මතුවෙයි.

Date: 2024-10-16

ජය අංකය: 02
ශුභ වර්ණය: ළා රතු
Qries

ධනු

ශුභාශුභ ඵලදෙයි. කෙටි ගමන්වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. තම ව්‍යාපාර පහත වැටීමට හේතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ. විනෝදගමන්, දුරගමන් යෙදේ.

Date: 2024-10-15

ජය අංකය: 01
ශුභ වර්ණය: කොළ
Qries

මකර

ශුභාශුභ ඵලදෙයි. තම ආර්ථිකයේ පහත වැටීමට හේතුයි. හුදකලා තත්ත්වයෙන් පසුවන අතර තම ඥාතීන් සමග ඒකරාශීව ක්‍රියාකරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. බලාපොරොත්තු නොවන ලෙස මිල මුදල් වැයවේ.

Date: 2024-10-15

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ ඵලදෙයි. තරමක් ක්‍රියාශීලී දිනකි. තම ආදායම් මාර්ගවලින් සෑහීමකට පත්වෙයි. නමුත් ළඟම ඥාතියකු නිසා වැයපස ඉහළ යයි. මූල රෝග, බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ. කාලය හා ධනය වැයවන දිනකි.

Date: 2024-10-15

ජය අංකය: 05
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

මීන

ශුභාශුභ ඵලදෙයි. තරමක් වෙහෙසව ක්‍රියාකරයි. තම ආර්ථික වාසි සලසා ගනී. නවක මිතුදම් ඇති වෙයි. දහමටද ළැදිව ක්‍රියාකරයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරයි. විනෝද ගමන්, වන්දනා ගමන් යෙදෙයි.

Date: 2024-10-15

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි