
දවසේ ලග්න පලාපල – 2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා
රාහු කාලය
10:55 am – 12:24 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
ගිණිකොන

මේෂ ක්‍රියාකාරකම් බහුලයි. තරමක් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. හදිසි තීරණ ගැනීම ශුභවාදී නොවේ. ගමන් බිමන් ද යෙදේ. තම ව්‍යාපාර ස්ථානවල තරමක් සුපරික්‍ෂාකාරී විය යුතුයි. සිරස රෝග, පාද ආබාධ මතුවේ.
Date: 2025-02-14
ජය අංකය: 01
ශුභ වර්ණය: තද රෝස

වෘෂභ තරමක් අවිවේකී දිනකි. රාජකාරි ස්ථානවල ද ක්‍රියාකාරකම් බහුලයි. යටපත්ව තිබූ සතුරු බලපෑමක් ඉස්මතු වෙයි. ඍජු ගුණයෙන් ක්‍රියා කළ යුතු අතර සන්ධි රෝග, වාත රෝග මතුකරයි.
Date: 2025-02-14
ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු

මිථුන තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරන අතර මතවාද ගෙනදෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම ද මැනවි. වැය ඉහළයි. මුත්‍රා රෝග, අමාශ රෝග මතුකරයි.
Date: 2025-02-14
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ

කටක ක්‍රියාකාරකම් බහුලයි. අතරමග නතර කළ ක්‍රියා ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. තම අරමුණු ජය ගනී. ආදායම් මාර්ග වර්ධනය වන අතර වැයපස ද ඉහළයි. සෙම්කෝප රෝග මතුවෙයි.
Date: 2025-02-14
ජය අංකය: 04
ශුභ වර්ණය: කහ

සිංහ ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. තම ව්‍යාපාරවල ද දියුණුවක් දැකගත හැකි අතර උනන්දුවෙන් ක්‍රියා කරයි. සතුරු බාධා ඉවත් වෙයි. භූමි ලාභ, භූමි සම්පත් ලාභ ලබයි. මුත්‍රා ආසාදන රෝග ද මතුකරයි.
Date: 2025-02-14
ජය අංකය: 05
ශුභ වර්ණය: තැඹිලි

කන්‍යා රැකියා ස්ථානවල ප්‍රසාදයට පත්වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන් ඇසුරට පත්වෙයි. පොදු සේවා කටයුතුවල ද යෙදේ. තනතුරු ලාභ ලැබීම් වැනි දේවලට හේතු ගෙනදෙයි. ආමාශගත රෝග මතුකරයි.
Date: 2025-02-14
ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්

තුලා උනන්දුවෙන් රැකියාවන්හි යෙදේ. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. විදෙස් ගමන් වැනි දේවලට හේතු කරුණු ඉෂ්ට වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන, අමතර ලාභ ලබන දිනකි. සෙම් බහුල රෝග මතුකරයි.
Date: 2025-02-14
ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්

වෘශ්චික ක්‍රියාකාරී දිනකි. කළ යුතු ක්‍රියාකාරකම් සාර්ථකව ඉටු කරයි. සුළුවෙන් හෝ ධන ලාභ ගෙනදෙයි. ව්‍යාපාරවල දියුණුවක් දැකිය හැකි අතර මහන්සියෙන් ක්‍රියා කරන දිනකි. මූලාර්ශස් රෝග, ආමාශගත රෝග මතුවේ.
Date: 2025-02-14
ජය අංකය: 09
ශුභ වර්ණය: රතු

ධනු ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ආගමානුකූල ක්‍රියා අනුව ක්‍රියා කරයි. උනන්දුවෙන් රාජකාරිවල ද යෙදේ. ඇසුරුකරන්නන් සමග තමන් ප්‍රධානව ක්‍රියා කරයි. වැයපස ඉහළයි. හදිසි රෝග, කැපුම් කෙටුම් වේ.
Date: 2025-02-14
ජය අංකය: 05
ශුභ වර්ණය: ළා රෝස

මකර කාර්ය බහුල වෙයි. විනෝදාත්මක ක්‍රියාවන් ද දියත් කරයි. චාරිත්‍ර වාරිත්‍ර ගරුකර කටයුතුවල යෙදේ. ආගමික වතාවත් ද ගරු කරයි. තරමක් ගමන් බිමන් බහුල වෙයි. ස්නායු රෝග, සන්ධි ප්‍රදාහ රෝග මතුවේ.
Date: 2025-02-14
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු

කුම්භ ක්‍රියාශීලියි දහමට ද ළැදියි. ශුභවාදී ක්‍රියාකාරකම් මත දවසේ වැඩ අරඹයි. තම අරමුණු ජයගනී. ප්‍රකෝපකාරීත්වය මත ක්‍රියාකාරකම්වල යෙදෙන දිනකි. කොන්දේ අමාරු, වාත රෝග මතුවේ.
Date: 2025-02-14
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්

මීන උනන්දුවෙන් දවසේ වැඩ කටයුතුවල යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. චාරිත්‍ර ක්‍රියාවන්වල ද යෙදෙන, ඇසුරුකරන්නන් සමග විනෝදජනක වැඩවල යෙදෙන දිනකි. සෙම් රෝග, උගුරේ අමාරු ඇතිවෙයි.
Date: 2025-02-14
ජය අංකය: 01
ශුභ වර්ණය: දම්