දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 10 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 10 වන අඟහරුවාදා

රාහු කාලය
3:10 pm – 4:42 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

තරමක් කලබලකාරී ගති මතු කරයි. ගමන් බිමන් බහුලයි. මහජන සබඳතා වර්ධන ක්‍රියා යෙදේ. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. සතුරු බලපෑම් එල්ල වුවද තම අරමුණු ජයගනී. සිරස ගත රෝගද මතු කරයි.

Date: 2024-09-10

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

දුර ගමන් යෙදේ. රාජකාරි ද බහුල බැවින් අවිවේක බව මතු කරයි. සතුරු බලපෑම් ධමනය කරගත හැකි අතර තම ව්‍යාපාරවල දියුණුවක් දැකගත හැකි වෙයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. පාද ආබාධ මතු වීමට ඉඩ තිබේ.

Date: 2024-09-10

ජය අංකය: 01
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ශුභාශුභ ඵලදෙයි. ගමන් බිමන් ද බහුලයි. වැයපස තරමක් ඉහළ යන දිනකි. මහජන සබඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර නවක මිතුදම් ඇති වෙයි. අමතර ලාභ ද ලබන දිනකි. සෙම් බහුල රෝග ද මතු කරයි.

Date: 2024-09-10

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාශීලී දිනකි. තරමක් අවිවේකී බවක් ගෙන දෙයි. වැය පස ද ඉහළ යයි. වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. ප්‍රීති උත්සව යෙදේ. නව සබඳතා මත ක්‍රියා කරයි. අමතර ලාභ ද ලබයි. මුත්‍රා රෝග ආසාදන මතු කරයි.

Date: 2024-09-10

ජය අංකය: 04
ශුභ වර්ණය: තද කහ
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. බොහෝ කොට හුදකලාව ගත කරයි. මිතුරන් සමග සුහදතාව මතු කරයි. තම ආර්ථිකයේ සැලසුම් හීනවෙයි. ස්ථාන මාරුවකට හේතු මතුවෙයි. ස්නායු ගත රෝගවලට හේතුයි.

Date: 2024-09-10

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලස ගති ඉස්මතු කරයි. ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන කලකිරෙයි. තරමක් දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාතීන්ගෙන් උදව් උපකාර ද ලබයි. සෙම් රෝග මතු කරන දිනකි.

Date: 2024-09-10

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

තරමක් කලකිරීම මත දවස ගෙවෙයි. තම ඥාතීන් සමග තරමක් සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ආර්ථිකයේ පීඩා මතු කරයි. ණය තුරුස් වීමටද ඉඩ තිබේ. දහමට ලැදිවෙයි. බඩවැල්වල රෝග, අර්ශස් රෝග මතුවේ.

Date: 2024-09-10

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සිත් චංචල කරවන ක්‍රියාවන් යෙදේ. පවුලේ සාමාජිකයින් සමග තරමක් වාද මතු කරයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. හදිසි ලාභ මතුවේ. මුඛ රෝග සිරසගත රෝග මතුවේ.

Date: 2024-09-10

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. ක්‍රියාකාරකම් බහුල දිනකි. ගමන් බිමන් ද අධික වීමෙන් වැය පසද ඉහළ යයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වල ද යෙදෙන අතර හදිසි ලාභ ලබයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

Date: 2024-09-10

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ ඵලදෙයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හවුල් ව්‍යාපාරවලින් ජය ගෙන දෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන්ගෙන් උපදෙස් උපකාර ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග සෑදෙයි.

Date: 2024-09-10

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් මුදලක් වැය කිරීමට සිදුවේ. තමාට ද අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉදිමුම් රෝග මතුවේ.

Date: 2024-09-10

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ ඵලදෙයි. තම ව්‍යාපාරවල පැවති අඩු පාඩු දැනගනී. ඇසුරු කරන්නන් නිසා තරමක් අලාභ ගෙන දෙයි. මහජන ප්‍රසාදයට පත්වන අතර හදිසි ධන ලාභ ද ලබයි. සෙම් ආශ්‍රිත රෝග, පෙනහළු රෝග මතුවේ.

Date: 2024-09-10

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි