දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 02 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 02 වන බදාදා

රාහු කාලය
11:59 am – 1:30 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. තරමක් අවිවේකී බවක් මතුකරයි. සුහදතා වර්ධන ක්‍රියාකාරකම්වල යෙදෙන අතර විනෝදජනක ක්‍රියාවන්හිද යෙදේ. උත්සව සභාවන් වැනි දේවලටද යොමුවෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ.

Date: 2024-10-02

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ක්‍රියාකාරී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑමක් ඉස්මතුවීමෙන් තරමක් සිත චංචල වෙයි. නමුත් සෘජු ගුණයේ පිහිටා ක්‍රියාකළ යුතුය. වැයපස ඉහළ යන ක්‍රියාද යෙදෙන අතර ණයවීම් වලට හේතුයි. සිරසගත රෝගද මතුකරයි.

Date: 2024-10-02

ජය අංකය: 02
ශුභ වර්ණය: තැඹිලි
Qries

මිථුන

තරමක් අවිවේකී බවක් මතුකරයි. පැවරෙන ක්‍රියාකාරකම් හරියට සිදුකරයි. නවක බැඳීම් ඇති වෙයි. තමන්ගේ ව්‍යාපාර ස්ථානවල පැවති අඩුපාඩු අවබෝධ කරගැනීමේ ගුණය ඇතිවෙයි. අමතර ලාබ ලබයි. මුත්‍රා ආසාදන රෝග දෙයි.

Date: 2024-10-02

ජය අංකය: 08
ශුභ වර්ණය: කොළ
Qries

කටක

රාජකාරි බහුලවීමෙන් විවේකය හීනකරයි. ඇසුරු කරන්නන් නිසා සිත්තැවුල් ඇතිකරවයි. ඉවසීමද මැනවි. සුහදතා වර්ධන ක්‍රියා, සාදවැනි දේටද හේතුයි. බලාපොරොත්තු රහිතව වැයපස ඉහළ යයි. සෙම්කෝප රෝග, උෂ්ණ රෝග මතුකරයි.

Date: 2024-10-02

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ගමන් බිමන් බහුලයි. රාජකාරි ද තරමක් ගැටලු සහගත වෙයි. සුළු සුළු සාදවැනි දේවල් වලට යොමුවෙයි. මිල මුදල් තරමක් වැයවෙයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. සෙම්කෝප රෝග මතුවේ.

Date: 2024-10-02

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ක්‍රියාකාරී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාද යෙදෙන දිනකි. ඥාති මිත්‍රාදීන් සමග අන්‍යොන්‍ය සබඳතා වර්ධනය, වැඩ සැලසුම් යෙදේ. බලාපොරොත්තු නොවන ලෙස විය පැහැදම් ඇතිවේ. බඩවැල් ආශ්‍රිත රෝග මතුකරයි.

Date: 2024-10-02

ජය අංකය: 09
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

රාජකාරි ස්ථානවල බාධා එල්ලවෙයි. තරමක් සිත් චංචලවෙයි. තම ඥාතී මිත්‍රාදීන් සමග ඒකරාශීව ක්‍රියාකරයි. උත්සව සැණකෙළි ද යෙදේ. මිල මුදල් වැයවන විනෝද දිනකි. කොන්ද ආශ්‍රිත රෝග, හෘද රෝග මතුවේ.

Date: 2024-10-02

ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

තරමක් ගමන් බිමන් අධික දිනකි. අවිවේකී බවක් ගෙනදෙයි. රැකියා ස්ථානවල පොඩි පොඩි බාධා එල්ල වෙයි. ප්‍රීතිසාද උත්සව යෙදේ. ගනුදෙනුවලදී ප්‍රවේශම මැනවි. හදිසි ලාභ ලැබීමට හේතුයි. ශිරෝගත රෝගද මතුවේ.

Date: 2024-10-02

ජය අංකය: 03
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභාශුභ ඵලදෙයි. කලකිරීම් ඇති කරන ප්‍රශ්න මතු කරයි. වැයපස ඉහළ යන කරුණු යෙදේ. සෘජු ගුණයෙන් ක්‍රියාකරයි. දහමට ළැදිවෙයි. තම ඥාතීන්ද දහමට යොමුකරවයි. මුත්‍රා ආසාදන රෝග මතුවෙයි.

Date: 2024-10-02

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

මකර

ශුභවාදී ඵලදෙයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. මිල මුදල් වැයවන කරුණු යෙදේ. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. තම පවුලේ සාමාජිකයන් දහමට යොමුකරවයි. සෙම් රෝග මතුවෙයි.

Date: 2024-10-02

ජය අංකය: 03
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. හුදකලාව ක්‍රියාකරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. ආදර සබඳතා වර්ධනය වෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. වාතාධික රෝග ඇතිවන දිනකි.

Date: 2024-10-02

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභාශුභ ඵලදෙයි. තම නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. ඥාතීන් සමග සුහදතාව ඇතිකර ගනී. මිල මුදල් වැයවෙයි. ණයතුරුස් වලට ද හේතුයි. ආගමික ක්‍රියාවන්ට ගරු කරයි. ඉදිමුම් රෝගවලට හේතුයි.

Date: 2024-10-02

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ