දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 03 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 03 වන අඟහරුවාදා

රාහු කාලය
3:13 pm – 4:45 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ශුභා ශුභ මිශ්‍ර ඵල දෙයි. තරමක් අවිවේකී බවක් ගෙන දෙයි. මිල මුදල් තරමක් වැයවන අතර පොදු සේවා වැඩකටයුතුවල ද යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. ශිරෝග රෝග මතුකරයි. උෂ්ණ රෝග සාදයි.

Date: 2024-09-03

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ක්‍රියාශීලී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාද බහුල දිනකි. තම නිවස තරමක උත්සව ස්වභාවයක් ඇති කරයි. තම ඥාතීන් සමග ඒකරාශිව ක්‍රියාකරයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු වාත රෝග මතුකරයි.

Date: 2024-09-03

ජය අංකය: 09
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ශුභවාදී ඵල ගෙන දෙයි. ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ ඉදිරියට කරගෙන යයි. තම ඇසුරු කරන්නන් ගෙන් තරමක් පීඩා මතුකරයි. පොදු සේවා ක්‍රියාවන්හි යෙදෙන හදිසි ලාභ ලබන දිනකි. සෙම් කෝප රෝග මතුකරයි.

Date: 2024-09-03

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

අවිවේකී දිනකි. දුර ගමන් යෙදේ. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. නීතිමය ගැටලු ශුභවාදීව විසඳෙයි. උගතුන් වියතුන් ඇසුරට එක්වෙයි. හදිසි ධන ලාභ ගෙන දෙයි. මූල රෝග බඩවැල් රෝග මතුවේ.

Date: 2024-09-03

ජය අංකය: 04
ශුභ වර්ණය: රතු
Qries

සිංහ

වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවන දිනකි. තරමක් ආවේගශීලී ගති මතුකරයි. කෙටි ගමන් බිමන් ද යෙදේ. වැයපස ද නොහිතන තරමට වැය වෙයි. හදිසි ලාභ ද ලබයි. සන්ධිගත රෝග ද මතුකරයි.

Date: 2024-09-03

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා දම්
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතුකරන අතර තම අරමුණු තරමක් දුරට ජය ගනී. තම ඥාති මිත්‍රාදීන් ගෙන් උදව් උපකාර ද ලබයි. තම සුපුරුදු ක්‍රියාවන්හි ප්‍රබෝධයෙන් ක්‍රියාවේ යෙදේ. සෙම් කෝප රෝග ද මතුවේ.

Date: 2024-09-03

ජය අංකය: 02
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභා ශුභ ඵල මතුකරයි. ගමන් බිමන් යෙදෙන නමුත් ප්‍රවේශම මැනවි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වලට යොමු වෙයි. උදරාබාධ මූල වාත රෝග මතුවේ.

Date: 2024-09-03

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභා ශුභ ඵල දෙයි. තරමක් ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. සතුරු බලපෑම් දමනය වෙයි. සමාජ සත්කාරවල යෙදේ. වැයපස ඉහළයි. සිරසගත රෝග මතුවේ.

Date: 2024-09-03

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභා ශුභ මිශ්‍ර ඵල මතුකරයි. දවස නිවස ක්‍රියාකාරකම්වල යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහළ යයි. පැවැති සෙම් රෝග වර්ධනයට හේතුයි.

Date: 2024-09-03

ජය අංකය: 05
ශුභ වර්ණය: ලා රෝස
Qries

මකර

ශුභා ශුභ ඵල මතුකරයි. තරමක් ආත්මාර්ථකාමී ගති ඉස්මතු වෙයි. තම ළඟම ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැය කරයි. නවක මිතුදම් ඇතිවන දිනකි. පාදවල පැවැති රෝග තවදුරටත් වර්ධනය වෙයි.

Date: 2024-09-03

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභවාදී ඵල දෙයි. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. යටපත්ව තිබූ ණය ගනුදෙනුවක් තමනට වාසි ලෙස විසඳේ ව්‍යාපාරවලින් ජය දෙයි. කොන්දේ වාත කටීවාත වැනි රෝගවලට හේතුයි.

Date: 2024-09-03

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. කෙටි ගමන් බිමන් වැනි දේට ශුභයි. තම වෙළහෙළඳාම්වලින් ජය දෙයි. රාජකාරිවලින් පුරුදු ලෙස යුතුකම් ඉටුකරයි. ප්‍රේමය වර්ධනය වෙයි. මූල රෝග වැනි රෝගවලට හේතුයි.

Date: 2024-09-03

ජය අංකය: 03
ශුභ වර්ණය: තැඹිලි