දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 30 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 30 වන සිකුරාදා

රාහු කාලය
10:38 am – 12:11 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

විමර්ෂණ ශීලීව ක්‍රියා කළ යුතු දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් ද බහුල වෙයි. සතුරු බලපෑම් එල්ල වීමට ඉඩ ඇති නිසා බුද්ධිමත් වීම මැනවි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතුවේ.

Date: 2024-08-30

ජය අංකය: 07
ශුභ වර්ණය: නිල්
Qries

වෘෂභ

ලිපි ලේඛනවලින් ජය ගෙනදෙන අතර සම්මුඛ සාකච්ඡා වැනි දේවලට ශුභයි. නව නිර්මාණ ඇරඹීමට ද ශුභයි. ඇසුරු කරන්නන් නිසා තරමක් මනස චංචල වන ක්‍රියා යෙදේ. දෙවරක් සිතා තීරණගත යුතුය. කාස රෝග, උෂ්ණ රෝග මතුවේ.

Date: 2024-08-30

ජය අංකය: 02
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මිථුන

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. තරමක් ගමන් බිමන්ද බහුල වන අතර, මහජන සබඳතා වර්ධන කටයුතුවල යෙදෙන අතර තරමක් වැයපස ද ඉහළ යයි. ප්‍රීතිසාද යෙදේ. නව වැඩද අරඹයි. රක්ත වාත රෝග, කුෂ්ඨ රෝග මතු කරයි.

Date: 2024-08-30

ජය අංකය: 08
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ක්‍රියාකාරී දිනකි. උත්සව සාද යෙදේ. නව නිර්මාණ කරණයට හේතුයි. මහජන සබඳතාවල යෙදේ. ප්‍රසාදයට පත්වන අතර තරමක් වැය පස ඉහළ යයි. ගමන් බිමන්ද බහුල දිනකි. සිරස ගත රෝග පාද ආබාධ ගෙනදෙයි.

Date: 2024-08-30

ජය අංකය: 05
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

තරමක් අලස ගති ඉස්මතු කරයි. දවසේ සැලසුම් ක්‍රියා අඩපණ වෙයි. ආවේගශීලී ගති උපදවන බැවින් ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. වැයපසද ඉහළ යෑමෙන් සිත් චංචල වේ. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2024-08-30

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

තරමක් ශුභවාදී ඵලදෙයි. තම අරමුණු තරමක් සාර්ථක කරගනී. රැකියාවල ප්‍රබෝධයෙන් යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදෙන අතර ඔවුන්ගේ වැය පසද ඉහළ යයි. සෙම් බහුල රෝග මතු කරන දිනකි.

Date: 2024-08-30

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභා ශුභ මිශ්‍රඵල ගෙනදෙයි. වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවන අතර තරමක් ආවේගශීලී ගති මතු කරයි. ඉවසීමෙන් දින චර්යාව ගත කළ යුතු අතර හදිසි ධන වාසනා එල්ල වීමටද නියමිතය. වාතාධික රෝග ඉස්මතු වෙයි.

Date: 2024-08-30

ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභා ශුභ ඵල දෙන දිනකි. ගමන් බිමන්වලදී ප්‍රවේශම ද මැනවි. රැකියාවල දිරිමත්ව ක්‍රියාකරයි. සතුරු බලවේග දමනය වේ. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මත පීඩා මතුකරයි. වැයපස වඩාත් ඉහළ යන දිනකි.

Date: 2024-08-30

ජය අංකය: 04
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභා ශුභ ඵල දෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තම නිවස උත්සවශ්‍රියාවක් ද මතු කරයි. චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කරන දිනකි. දහමට ළැදිව ක්‍රියා කරන දිනකි. ඉදිමුම් රෝග, වාත රෝග මතුකරයි.

Date: 2024-08-30

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

මකර

ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් ගරු කිරීම් යුතුකම් ඉටු කිරීම් වැනි දේවලට හේතුයි. විනෝදාත්මක ක්‍රියාවන්ට යොමු වෙයි. ආගමික වතාවත් වලට මුල් තැන දෙයි. උෂ්ණාධික රෝග, හදිසි රෝගවලට හේතුයි.

Date: 2024-08-30

ජය අංකය: 07
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් පිරිවරා කටයුතු කරයි. චාරිත්‍ර සිදු කරයි. තම නිවස උත්සවශ්‍රියාවක් ගෙනදෙයි. ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ආගමික වතාවත්ද ගරු කරයි. අත පය ඉදිමුම් හිරිවැටීම් වැනි දේට හේතුයි.

Date: 2024-08-30

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

ප්‍රබෝධයෙන් රාජකාරි කටයුතුවල යෙදේ. උත්සව සැණකෙළි ආදියට සහභාගි වෙයි. ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ආගමික වතාවත්ද ගරුකර දවස ගෙවයි. බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ.

Date: 2024-08-30

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ