දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 11 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 11 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:50 pm – 3:24 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

තරමක් රාජකාරිවල බහුල තත්ත්වයට හේතුයි. අවිවේකී දිනකි. අතපසුවීම් ඇතිවන නිසා ඉවසීම ද මැනවි. ඇසුරුකරන්නන් අතරම විවේචනයට ලක්වීමට ඉඩ තිබේ. ශිරෝ රෝග මතුකරයි.

Date: 2024-07-11

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ශුභාශුභ ඵලදෙයි. තරමක් අවිවේකී දිනකි. තම අවශ්‍යතා ඉටු නොවේ. අමතර ක්‍රියාකාරකම් යෙදේ. අනවශ්‍ය ලෙස මිල මුදල් ද වැයවීමට ඉඩ ඇත. ප්‍රවේශමෙන්. ආමාශගත රෝග ද මතුකරයි.

Date: 2024-07-11

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

මිථුන

උනන්දුවෙන් ක්‍රියාවන්හි යෙදේ. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. උත්සව, සාද වැනි දේවල ද යෙදෙන අතර වැයපස ද ඉහළ යයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. සෙම් බහුල රෝග මතුකරයි.

Date: 2024-07-11

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරී දිනකි. අතපසුවීම්ද යෙදේ. ඇසුරුකරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ගමන් බිමන් ද බහුලයි. වැයපස ද ඉහළ යයි. මුත්‍රා ආසාදන, පාද ආබාධ මතුකරයි.

Date: 2024-07-11

ජය අංකය: 04
ශුභ වර්ණය: දම්
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. දහමට අවතීර්ණව ක්‍රියාකරයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමු වෙයි. ප්‍රීති සාද වැනි දේවල් ද යෙදෙන, නවක මිතුදම් ඇතිවන දිනකි. සෙම් බහුල රෝග මතුකරයි.

Date: 2024-07-11

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා දම්
Qries

කන්‍යා

දානමානාදී කුසල කර්මවල යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්වල යෙදේ. ආගමික උත්සව ද සංවිධානයට හේතුයි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. හදිසි ලාභ දෙයි. මුඛ රෝග, දන්ත රෝග මතුකරයි.

Date: 2024-07-11

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ගමන් බිමන් බහුල දිනකි. උත්සව, සාද වැනි දේවල් යෙදේ. ආගමික උත්සව සංවිධානයට මෙවැනි දේ සඳහා සහභාගි වීමට හේතුයි. පරාර්ථකාමීව ක්‍රියාවේ යෙදන දිනකි. සන්ධි ඉදිමුම් රෝග මතුකරයි.

Date: 2024-07-11

ජය අංකය: 02
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ක්‍රියාශීලි දිනකි. දාන ශීලාදී ගුණධර්මවල යෙදෙන අතර තම ඇසුරුකරන්නෝ ද දහමට යොමු කරවයි. උත්සව සභාවන්වලට ද සහභාගි වෙයි. හදිසි ධන ලාභ ලබයි. මුත්‍රා ආසාදන, අර්ශස් මතුවේ.

Date: 2024-07-11

ජය අංකය: 03
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමට හේතුයි. පොදු උත්සවවලට ද යොමුවෙයි. මනසට සුවයක් දැනේ. ප්‍රීති සාදවලට ද යොමුවෙයි. සිරසගත රෝගවලට ද හේතුයි.

Date: 2024-07-11

ජය අංකය: 07
ශුභ වර්ණය: තද කහ
Qries

මකර

ශුභවාදීව සිතා කටයුතු කරන දිනකි. තම ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. ආගමික වතාවත්, පුද පූජාවල නිරත වන දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදෙන දිනකි. පෙනහලු ආශ්‍රිත රෝගවලට හේතුයි.

Date: 2024-07-11

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵල දෙයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. වැයපස අධික දිනකි. තරමක් සිත් චංචල කරවන ප්‍රශ්න ද පවතී. මුත්‍රා රෝග සෑදෙයි.

Date: 2024-07-11

ජය අංකය: 01
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභ ඵල මතුකරයි. ප්‍රීති සාදවලට සහභාගි වෙයි. ආගමික වතාවත් ගරු කරන අතර, ආගමික උත්සවවලට සහභාගි වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. තම ආර්ථිකය දියුණුවට පත්වෙයි. ආමාශගත රෝග සෑදෙයි.

Date: 2024-07-11

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි