දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 02 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 02 වන අඟහරුවාදා

රාහු කාලය
3:23 pm – 4:57 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

තරමක් අවිවේකී බවක් ගෙනදෙයි. තමනට අයත් රාජකාරිවල අතපසුවීම්වලට හේතුයි. අන් අයගේ විවේචනයට ලක්වෙයි. ඉවසීමෙන් තීරණ ගත යුතු දිනකි. භූමි සම්පත් ගෙනදෙයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2024-07-02

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ගමන් බිමන් යෙදෙන අතර රාජකාරි බහුල වෙයි. ක්‍රියාකාරකම්වලදී කැපී පෙනේ. නීතිමය ගැටලුවලින් ජයග්‍රහණ ලබයි. අන්සතු දේපළ උරුමයකට හේතු සාදක ගෙනදෙයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග දෙයි.

Date: 2024-07-02

ජය අංකය: 02
ශුභ වර්ණය: රෝස
Qries

මිථුන

සුහදතා වර්ධන ක්‍රියාකාරකම්වල යෙදේ. ගමන් බිමන් බහුල දිනකි. දුරස්ථව සිටි ඥාති මිත්‍රාදීන් සුහද වේ. ලිපි ලේඛනවලින් ජයග්‍රහණ දෙයි. තරමක් වැයපස ඉහළ යන දිනකි. ආමාශගත රෝග මතු කරයි.

Date: 2024-07-02

ජය අංකය: 04
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරී දිනකි. අතපසුවීම්ද ඇති වෙයි. එබැවින් ක්‍රියාවේදී දෙවරක් සිතාබැලීම වටී. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. වැයපස ඉහළයි. මුත්‍රා ආසාදන මතුකරයි.

Date: 2024-07-02

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

සිංහ

ගමන් බිමන් බහුලයි. රාජකාරි ද තරමක් ගැටලු සහගතවෙයි. සුළු සුළු සාද වැනි දේවල්වලට යොමු වෙයි. මිල මුදල් තරමක් වැයවෙයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් කෝප රෝග මතුවේ.

Date: 2024-07-02

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා දම්
Qries

කන්‍යා

ක්‍රියාකාරී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාද යෙදෙන දිනකි. ඥාති මිත්‍රාදීන් සමග අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. වැඩ සැලසුම් යෙදේ. බලාපොරොත්තු නොවන ලෙස වියපැහැදම් ඇතිවේ. බඩවැල් ආශ්‍රිත රෝග මතුකරයි.

Date: 2024-07-02

ජය අංකය: 09
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

රාජකාරි ස්ථානවල බාධා එල්ල වෙයි. තරමක් සිත් චංචල වෙයි. තම ඥාති මිත්‍රාදීන් සමග ඒකරාශීව ක්‍රියාකරයි. උත්සව සැණකෙළි ද යෙදේ. මිල මුදල් වැයවන දිනකි. කොන්ද ආශ්‍රිත රෝග, හන්දි රෝග මතුවේ.

Date: 2024-07-02

ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

තරමක් ගමන් බිමන් අධික දිනකි. අවිවේකී බවක් ගෙනදෙයි. රැකියා ස්ථානවල පොඩි පොඩි බාධා එල්ල වෙයි. ප්‍රීති සාද, උත්සව යෙදේ. ගනුදෙනුවලදී ප්‍රවේසම මැනවි. හදිසි ලාභ ලැබීමට හේතුයි. ශිරෝ රෝග ද මතුවේ.

Date: 2024-07-02

ජය අංකය: 03
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභාශුභ ඵල දෙයි. කෙටි ගමන්වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. තම ව්‍යාපාරවල පහත වැටීමට හේතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවේ. විනෝද ගමන්, දුර ගමන් යෙදේ.

Date: 2024-07-02

ජය අංකය: 01
ශුභ වර්ණය: කොළ
Qries

මකර

ශුභාශුභ ඵල දෙයි. තම ආර්ථිකයේ පහත වැටීමට හේතුයි. හුදකලා තත්ත්වයෙන් පසුවන අතර තම ඥාතීන් සමග ඒකරාශීව ක්‍රියාකරයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි. බලාපොරොත්තු නොවන ලෙස මිල මුදල් වැයවේ.

Date: 2024-07-02

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ ඵල දෙයි. තරමක් ක්‍රියාශීලී දිනකි. තම ආදායම් මාර්ගවලින් සෑහීමකට පත්වෙයි. නමුත් ළඟම ඥාතියකු නිසා වැයපස ඉහළ යයි. මූල රෝග, බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ. කාලය හා ධනය වැය වන දිනකි.

Date: 2024-07-02

ජය අංකය: 05
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

මීන

ශුභාශුභ ඵල දෙයි. තරමක් වෙහෙසව ක්‍රියාකරයි. තම ආර්ථික වාසි සලසා ගනී. නවක මිතුදම් ඇතිවෙයි. ආගමට ද ළැදිව ක්‍රියාකරයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුකරයි. විනෝද ගමන්, වන්දනා ගමන් යෙදෙයි.

Date: 2024-07-02

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි

Share This