දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 02 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 02 වන සඳුදා

රාහු කාලය
7:34 am – 9:06 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ක්‍රියාශීලි දිනකි. දහමට ළැදිව ක්‍රියා කරයි. දුර ගමන්ද යෙදේ. රාජකාරිද බහුල දිනකි. මහජන සබඳතා කටයුතුවල යෙදේ. ප්‍රසාදයට පත්වන දිනකි. හදිසි ධන සම්පත් ලාභ ලබයි. සන්ධිගත රෝග මතු කරයි.

Date: 2024-09-02

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. සතුරු බලපෑම් මත අවිවේකය ඇතිකරයි. සම්මුඛ සාකච්ඡාවලින් ජය ගත හැකි අතර මහජන ප්‍රසාදයට පත්වෙයි. භූමි ලාභ, භූමි සම්පත් ගෙන දෙයි. මෞත්‍රලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2024-09-02

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

තරමක් අවිවේකී දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් යෙදෙන අතර වියපැහැදම් ද වැඩි වෙයි. විදෙස් ගමන් සඳහා ද අමතර ක්‍රියා සඳහා ද වැයපස ඉහළ යයි. අමතර ලාභ ලබයි. සෙම්කෝප රෝග මතු කරයි.

Date: 2024-09-02

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ගමන් බිමන් බහුලයි. විදෙස්ගත වීම් සඳහා අවශ්‍ය ක්‍රියා කටයුතුවල යෙදීම ශුභයි. මහජන සබඳතා වර්ධනය වන කරුණු යෙදේ. ප්‍රීති උත්සව සාද යෙදේ. හදිසි ධන ලාභ ලබයි. ශිරෝගත රෝග පීඩා මතු කරයි.

Date: 2024-09-02

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

දුර ගමන් වන්දනා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික උත්සව සංවිධානයට ඒ සඳහා සහභාගි වීමට හේතුයි. පුදපූජා වෙනුවෙන් ද තරමක් මිල මුදල් වැය කිරීමට සිදුවේ. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2024-09-02

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ක්‍රියාශීලි දිනකි. ආගමික වතාවත් ගරු කරයි. දාන ශීලාදී ගුණ දහම් ඇතිවෙයි. තම ඥාතීන් ද ඒ වෙනුවෙන් යොමු කරවයි. පුදපූජා වැනි දේවල් සඳහා වැයපස ද ඉහළ යයි. තෘප්තිමත්ව දවස ගෙවයි. මෞත්‍රලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2024-09-02

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

සුපුරුදු ක්‍රියාකාරකම් ආදියෙන් දුරස්ව දහමට ළැදිව ක්‍රියා කරයි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තරමක් මිල මුදල් වැය වන දිනකි. හදිසි රෝග, කැපුම් කෙටුම්වලට හේතුයි.

Date: 2024-09-02

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

අවිවේකී බව ඇති කරයි. ආගමික වතාවත්වල යෙදෙමින් දවස ගෙවයි. දානමය කටයුතු හා ආධ්‍යාත්මික කටයුතු ආදියෙහි යෙදේ. සංසුන් මනසින් දවස ක්‍රියා කරයි. මිල මුදල් වැයවේ. බඩවැල් අතුණුබහ රෝග මතුවේ.

Date: 2024-09-02

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභඵල ගෙන දෙයි. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ව්‍යාපාරවල දියුණුවට හේතුයි. මනසෙහි පැවැති චංචල භාවය ඉවත් වෙයි. තම ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන් නැවත සමීප වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. සෞඛ්‍ය පිළිබඳව ගැටලු තත්ත්ව උදා කරයි.

Date: 2024-09-02

ජය අංකය: 03
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. තරමක් මිල මුදල් සම්බන්ධව වාසි සැලසේ. නමුත් තැන්පත් ධනය වැය වන කරුණු ද යෙදේ. දුරස්ථ වූ ප්‍රේම සබඳතා නැවත වර්ධනය වෙයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. හෘද රෝග, කොන්දේ අමාරු ඇති වෙයි.

Date: 2024-09-02

ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵල ලබයි. මනසට පැවති අවිවේකය දුරු වෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. රාජකාරි ප්‍රබෝධවත්ව ඉටු කරයි. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ආගමික වතාවත් පුද පූජා කර්මවල යෙදේ. ආමාශගත රෝග, මුත්‍රා රෝග ආදියට හේතුයි.

Date: 2024-09-02

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභඵල සහිතයි. නව නිපැයුම් අරඹයි. උගතුන්ගෙන් උදව් උපකාර ලබයි. සැහැල්ලුවෙන් ගෙවන දිනකි. රැකියාවල දියුණුවට හේතු කරුණු සැලසේ. ප්‍රේම සබඳතා වර්ධනය වේ. ලිපි ලේඛනවලින් ජය දෙයි. සෙම් ආසාදන රෝග, ස්වරාලයේ රෝගාදියට හේතුයි.

Date: 2024-09-02

ජය අංකය: 09
ශුභ වර්ණය: දම්