දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 23 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 23 වන සිකුරාදා

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම්ද බහුල වෙයි. විනෝදජනක ගමන් වැනි දේවලටද හේතුයි. ඇසුරු කරන්නන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන් යෙදේ. මුත්‍රා රෝග, අශ්මරි රෝග මතුවේ.

Date: 2024-08-23
ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ගමන් බිමන් අධික වන අතර අවිවේකී බවක් ගෙන දෙයි. සමිති සමාගම්, මහජන සබඳතා වැනි දේවලටද හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. ආගමික වතාවත්, උත්සව සැලසුම් කරයි. සෙම් කෝප රෝගද මතු කරයි.

Date: 2024-08-23
ජය අංකය: 08
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මිථුන

අවිවේකී දිනකි. ප්‍රීති උත්සව, සාද වැනි දේවල් යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. මහජන සබඳතා වර්ධනය වන අතර ආගමික උත්සව සංවිධානයට හේතුයි. අමතර වියපැහැදම් අධික වේ. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතුවේ.

Date: 2024-08-23
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ප්‍රීති සාද, උත්සව සාද වැනි දේවල් යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. ගමන් බිමන්ද බහුල වෙයි. ආගමික පුද පූජා ගමන් සැලසුම් කරයි. හදිසි ලාභද ගෙන දෙයි. සිරසගත රෝග, හෘද ආබාධ මතු කරයි.

Date: 2024-08-23
ජය අංකය: 04
ශුභ වර්ණය: තද කහ
Qries

සිංහ

තරමක් කලබලකාරී දිනකි. රාජකාරි බහුල වීමෙන් අවිවේකය මතු කරයි. ප්‍රීති සාදවලට හේතුයි. නවක මිතුදම් මතුවෙයි. ප්‍රේම සබඳතා මතු කරයි. හදිසි ධන ලාභ ලැබීම් වේ. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

Date: 2024-08-23
ජය අංකය: 03
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභාශුභ ඵල දෙයි. සුපුරුදු රාජකාරිවල යෙදෙන අතර තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. බලාපොරොත්තු රහිත ගමන් බිමන්වලට ද හේතුයි. හදිසි ධන ලාභ ලැබීම් වෙයි. ආහාර විෂවීම්වලට හේතුයි.

Date: 2024-08-23
ජය අංකය: 01
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

අවිවේකී දිනකි. රාජකාරිවලදී ප්‍රබෝධවත්ව ක්‍රියා කරයි. විනෝදජනක කටයුතු, ප්‍රීති සාද වැනි දේවලට හේතුයි. වැයපස ඉහළ යයි. තරමක් ණය තුරුස් වීමටද ඉඩ තිබේ. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවේ.

Date: 2024-08-23
ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල මතු කරයි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. තම නිවසේ උත්සව ශ්‍රියාවක් මතු කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ලාභ ලැබීම් ඇති වෙයි. හදිසි රෝගවලට හේතුයි.

Date: 2024-08-23
ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. රැකීරක්ෂා ස්ථානවල බාධා ඉවත් වෙයි. තම සැලසුම් තරමක් පීඩා දෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. ස්නායුගත රෝග, වාත රෝග සෑදෙයි.

Date: 2024-08-23
ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. වැයපස ඉහළ යයි. ණය තුරුස්වීමට ඉඩ තිබේ. ඉදිමුම් රෝග, හෘද රෝග සාදයි.

Date: 2024-08-23
ජය අංකය: 03
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභ ඵල මතු කරයි. නව නිර්මාණකරණයට හේතුයි. ප්‍රීති උත්සව යෙදේ. වැයපස ඉහළයි. රැකී රක්ෂාවලදී සතුරු බලපෑම්වලට හේතුයි. දුරස් ඥාතීන් සමීප වෙයි. සෙම බහුල රෝග සාදයි.

Date: 2024-08-23
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභ ඵල මතු කරයි. දුර ගමන් යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. වැයපස ඉහළ යයි. ආර්ථික වාසිද මතු කරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. නහරගත රෝගාබාධ මතු කරයි.

Date: 2024-08-23
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි