දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 18 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 18 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:50 pm – 3:24 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදෙන අතර දුර ගමන් ද යෙදේ. ප්‍රීති සාද යෙදේ. ලිපි ලේඛනවලින් ජය ගෙන දෙයි. රැකියාවෙහි උසස්වීම් ලබයි. හදිසි ධනලාභ සම්පත් ලබයි. සෙම් ආසාදනවලට ගොදුරුවේ.

Date: 2024-07-18
 

ජය අංකය: 09
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ක්‍රියාශීලි දිනකි. ගමන් බිමන් බහුල දිනකි. අමතර ක්‍රියාකාරකම් ද යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ඉහළ යයි. තරමක් ණයතුරුස් වීමට ද ඉඩතිබේ. මෞත්‍ර ලිංගික රෝග, පාදයේ රෝග ද මතු කරයි.

Date: 2024-07-18
 

ජය අංකය: 02
ශුභ වර්ණය: ළා දම්
Qries

මිථුන

රාජකාරි උනන්දුවෙන් ඉටුකරයි. නව නිර්මාණ ඇරඹීමට හේතු වෙයි. උගතුන්ගෙන් වියතුන්ගේ උදව් උපකාර ද ලබයි. තරමක් වගකීම් බහුල වන දිනකි. හදිසි ලාභ ලබයි. ස්නායුගත රෝග ද මතු කරයි.

Date: 2024-07-18
 

ජය අංකය: 04
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාශීලි දිනකි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. විනෝද ජනක ක්‍රියාවන්හි යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්ගේ යෙදේ. හදිසි ධන ලාභ දෙයි. ශිරෝගත රෝග, උගුර ආශ්‍රිත රෝග මතුකරයි.

Date: 2024-07-18
 

ජය අංකය: 05
ශුභ වර්ණය: සුදු
Qries

සිංහ

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. බොහෝ කොට හුදකලාව ගතකරයි. මිතුරන් සමග සුහඳතාව මතු කරයි. තම ආර්ථිකයේ සැලසුම් හීන වෙයි. ස්ථාන මාරුවකට හේතු මතුවෙයි. ස්නායු ගත රෝගවලට හේතුයි.

Date: 2024-07-18
 

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. අලසකම ඉස්මතු කරයි. ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන කලකිරෙයි. තරමක් දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන්ගෙන් උදව් උපකාර ද ලබයි. සෙම් රෝග මතුකරන දිනකි.

Date: 2024-07-18
 

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

තරමක් කලකිරීම් මත දවස ගෙවයි. තම ඥාතීන් සමග තරමක් සුහඳතා වර්ධන කටයුතුවල යෙදේ. ආර්ථිකයේ බාධා මතුකරයි. ණයතුරුස් වීමට ද ඉඩතිබේ. දහමට ලැදිවෙයි. බඩවැල්වල රෝග අර්ශස් රෝග මතුවේ.

Date: 2024-07-18
 

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. සිත් චංචල කරවන ක්‍රියාවන් යෙදේ. පවුලේ සාමාජිකයන් සමග ද තරමක් වාද මතු කරයි. ඉපයීමෙන් ක්‍රියා කළයුතු දිනකි. හදිසි ලාභ මතුවේ. මුඛරෝග ශරීරගත රෝග මතුවේ.

Date: 2024-07-18
 

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභා ශුභ ඵලදෙයි. කලකිරීම් ඇති කරන ප්‍රශ්න මතුකරයි. වැයපස ඉහළ යන කරුණු යෙදේ. සද්ගුණයෙන් ක්‍රියාකරයි. දහමට ලැදිවෙයි. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. මුත්‍රා ආසාදන රෝග මතුවෙයි.

Date: 2024-07-18
 

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

මකර

ශුභවාදි ඵලදෙයි. තම ඥාතීන් සමග සුහඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. මිල මුදල් වැයවන කරුණු යෙදේ. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. තම පවුලේ සාමාජිකයන් දහමට යොමු කරවයි. සෙම්රෝග මතුවෙයි.

Date: 2024-07-18
 

ජය අංකය: 03
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. හුදකලාවට ක්‍රියාකරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. ආදර සබඳතා වර්ධනය වෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. වාතාධික රෝග ඇතිවන දිනකි.

Date: 2024-07-18
 

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභා ශුභ ඵලදෙයි. තම නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. ඥාතීන් සමග සුහඳතාව ඇතිකර ගනී. මිල මුදල් වැය වෙයි. ණයතුරුස්වලට ද හේතුයි. ආගමික ක්‍රියාවන් ගරු කරයි. ඉදිමුම් රෝගවලට හේතුයි.

Date: 2024-07-18 

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ