තහනම් කෘෂි රසායනික සමග තිදෙනෙක් අත්අඩංගුවට

තහනම් කෘෂි රසායනික සමග තිදෙනෙක් අත්අඩංගුවට

මෙරටට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු දිවුලපිටිය නගරය ආසන්නයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, කෘෂි රසායනික ද්‍රව්‍ය පැකට් 500 බැගින් අඩංගු පෙට්ටි 10ක් මෙලෙස සිය භාරයට ගත් බවයි.

අදාළ කෘෂි රසායනික තොගය පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය නොමැතිව මෙරටට ගෙන්වීම තහනම් කරන ලද රසායනික ද්‍රව්‍යක් බවත් ඒවායේ වටිනාකම රුපියල් 475,000කට ආසන්න බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 39, 45 සහ 55 වයස්වල පසුවන කොළඹ ආශ්‍රිත පදිංචිකරුවන් වේ.