දකුණු කොරියාවේ මාරක ගුවන් අනතුරක් – මියගිය සංඛ්‍යාව 85 දක්වා ඉහළට – Video

දකුණු කොරියාවේ මාරක ගුවන් අනතුරක් – මියගිය සංඛ්‍යාව 85 දක්වා ඉහළට – Video

තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට ආ දකුණු කොරියානු මගී ගුවන් යානයක් මුවාන් මුවාන් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ කිරීමේදී අනතුරට පත් ව තිබේ.

ධාවන පථයට ගොඩබාද්දී යානයේ රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවින්, එය ගුවන් පථයේ ලිස්සා ගොස් හැපී අනතුරට පත් වීමෙන් පසු යානය පිපිරී ගිනිගෙන තිබේ.

යානය අනතුරට පත්වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ගුවන්තොටුපොළ බලධාරීන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

යානයේ 181 දෙනක් වූහ. එම 181 දෙනාගෙන් 175 දෙනකු මගීන් වන අතර, නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන හයකි.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට ඉන් පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

කෙසේ නමුත් දකුණු කොරියානු බලධාරීන් සැක පළකර ඇත්තේ බේරාගත් පුද්ගලයින් දෙදෙනා හැර අන් සියල්ලම මියගොස් ඇති බවය.

යානය මුලින් ගොඩබෑමට උත්සාහා කර ඇති නමුත් එය අසාර්ථක වී තිබේ.

පසුව නැවත ගොඩබෑමට උත්සාහ කිරීමේදි ධාවන පථයෙන් ඉවතට ගොස් ධාවන පඨයේ කෙළවරේ තිබූ තාප්පයක ගැටී ගිනි ගෙන තිබේ.

අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ ජේජු ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත්, අංක 2216 ගුවන් යානයයි. යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ වේලාවෙන් උදෑසන 9.03ට පමණි.