කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

කොහුවල මංසන්ධියේ පැවති අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (17) ජනතා අයිතියට පත් කෙරුණි.

හංගේරියානු රජයේ මූල්‍ය ආධාර මත ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව 2022 වසරේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය.

කොහුවල මංසන්දියේ සිට කොළඹ, හොරණ 120 බස් මාර්ගයේ මෙම පාලම ඉදිකර තිබෙන අතර ගුවන් පාලම පහළින් නුගේගොඩ, කළුබෝවිල මාර්ගය වෙතද ගමන් කිරීමේ හැකියාව පවතී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළොවත්ත, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපනී සුනේත්‍රා රණසිංහ මහත්ම මහත්මීහු ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව එය නිරීක්ෂණය කළහ.