කෙහෙළිය ඇතුළු සෙසු සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

කෙහෙළිය ඇතුළු සෙසු සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කළ බව කියන සිද්ධියේ නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ජුනි මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනගාරගතකර තිබේ.

සැකකරුවන් අද (03) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

මේ අතර, එම සිද්ධියේ 04 වන සැකකරු ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මත මුදාහැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Share This