කටුනායක ගුවන් තොටුපොළට එන අයට විශේෂ දැනුම් දීමක්

කටුනායක ගුවන් තොටුපොළට එන අයට විශේෂ දැනුම් දීමක්

කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීම් පර්යන්තය පිටත වාහන නවතා තැබීම ක්‍රමවත් කිරීම සඳහා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රියදුරෙක් නොමැතිව වාහන එම ස්ථානයේ නවතා තැබීම තහනම් වන අතර ආගමන ගුවන් මගීන් රැගෙන යෑමට පැමිණි වාහන අදාළ රථගාල් වල සිට නියමිත වේලාවට පමණක් පැමිණීමේ පර්යන්තය පිටතට පැමිණිය යුතු වනවා.

රියදුරු සහිතව ද පරිශ්‍රය තුළ වාහන තදබදයක් ඇතිවන පරිදි විනාඩි 30කට වඩා එම ස්ථානයේ ගැවසෙන වාහන සඳහා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යනවිට විශේෂ ගාස්තුවක් අයකරන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පවසනවා.

මෙම ක්‍රියාවලිය මඟින් පහසු සහ ක්‍රමවත් සේවාවක් කටුනායක ගුවන් තොටුපොළෙන් ගුවන් මගීන්ට හිමිවන අතර, අයථා සහ අනවශ්‍ය පුද්ගලයන් සහ වාහන ගුවන් තොටුපොළ තුළට ඇතුළු වීම වළක්වා ගැනීමට හැකි වීමෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව වඩා තහවුරු වනු ඇති බවට එම නිවේදනයෙන් දැනුම් දෙනවා.

Share This