කටුනායක ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්ද්‍රව්‍ය සොයාගනී

කටුනායක ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්ද්‍රව්‍ය සොයාගනී

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ (Cargo Village) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවූ, ගුවන් තැපැල් පාර්සල් 07 ක් ඊයේ රාත්‍රී විවෘත කර, පරීක්ෂා කළ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්, ඒවා තුළ තිබී රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පාර්සල් ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබී ඇත.

දීර්ඝ කාළයක් මෙම පාර්සල් භාර ගැනීමට හිමිකරුවන් පැමිණ නොසිටි අතර, ඒවායේ සදහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී, ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 21 ක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 143 ක් සහ මැන්ඩි නැමැති රසායනික මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 338 ක් ද තිබී ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් කටයුතු සිදු කරමින් සිටිති.

COMMENTS