කතරගම දේවාලයේ “ස්වර්ණ ප්‍රවේශය” හිටපු ජනපති අතින් විවෘත කෙරේ

කතරගම දේවාලයේ “ස්වර්ණ ප්‍රවේශය” හිටපු ජනපති අතින් විවෘත කෙරේ

කතරගම මැණික් ගගේ ඉදිකල මෙරට ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය “ස්වර්ණ ප්‍රවේශය” අද (21) උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ. කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන ජනාධිපති කර්‍ය ප්‍රධානි සාගර රත්නායක ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරැන් රැසකගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව මෙම ජල පා සෝදනය විවෘත කල අතර මේ සදහා රුපියල් මිලියන 50 ක වියදමක් දරා ඇත.

මැණික් ගගේ අංක 02 පාළම අසල මෙම ප්‍රාකාරය ඉදිකර ඇති අතර, අතීතයේ බැතිමතුන් කතරගම දේවාලය වන්දනා කිරිමට පැමිණිමට පෙර මැණික් ගඟට බැස දිය නා ගෙන හෝ පා දෝවනය කර දෙහි ගා පිරිසිදු වී පැමිණ තිබේ .

හිංදු, ⁣බෞද්ධ .බැතිමතුන් පව් කුණු සෝදා හරින මැණික් ගග ඉන්දියාවේ ගංගානම් නදිය මෙන්ම ලංකිිීය බැතිමතුන් ගේ ශූද්ධ වු නදියකි.

එය නමුණුකුළ කදු වැටියෙන් ආරම්භ වී යාල වන උද්‍යානයෙන් මුහුදට ගලා බසී.

මෙම අපුරැ ප්‍රාකාරය ඉදිකරන ලද නිර්මාතෘ වන්නේ වත්මන් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා වේ.

මෙම ජල ප්‍රාකාරය විවෘත කිරිමේ අවස්ථාව සදහා රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවරාම විහාරාධිපති ශ්‍රස්ත්‍රපති කපු ගම සරණතිස්ස හිමියන් ,රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක ශ්‍රස්ත්‍රපති කිරිවෙහෙර විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි යන් තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලයේගම ධම්මසේන හිමියන් ද එක් වී ආගමික වතාවත් සිදු කරන ලදී .

මේ දින මෙම ප්‍රාකාරය විවෘත කිරිමේ අවස්ථාව සදහා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ .සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රම නායක ගුවන් හමුදා පති එයා මාෂල් උදේනි රාජපක්ෂ මහතා මොණරාගල දිස්ත්‍රික්කයේ ලේකම් පසන් .රත්නායක .බෞද්ධ කටයුතු කොමසාරිස් රත්නායක ද එක්විය .

මෙම පා සෝදන ප්‍රාකාරය ලංකිකයින්ට මෙන්ම විදේශිකයින් ගෙත් සිත්ගන්නා ස්ථානයක් බවට පත් ව ඇත.

මෙම අවස්ථාව සදහා කතරගම පෙරහැර එක් වු දේශීය නැටුම් කණ්ඩායම් සංස්කෘතික අංග ද එක්කර තිබුණි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම සහයෝගයෙන් මෙම ප්‍රාකාරය නිර්මාණය කර ඇත .