සජබ තවත් මන්ත්‍රීවරයෙක් මැතිවරණ සටනෙන් ඉවත් වෙයි

සජබ තවත් මන්ත්‍රීවරයෙක් මැතිවරණ සටනෙන් ඉවත් වෙයි

මෙවර මහමැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මෙවර මැතිවරණ සටනෙන් ඉවත් ව තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි පැවසෙන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පවසන්නේ තම පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ හා සමගි ජන බලවේගය අතර අත්සන් කෙරුණු ගිවිසුම කඩවීම පදනම් කරගෙන තමා අපේක්ෂක ධූරයෙන් ඉවත්වන බවයි.