වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීමේ නියෝගය කල් යයි

වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීමේ නියෝගය කල් යයි

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත්තේ එම තීරණය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.

තමන් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා වෛද්‍ය කපිල වික්‍රනායක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.