UGC නව සභාපති වැඩභාර ගනියි

UGC නව සභාපති වැඩභාර ගනියි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා අද (18) පෙරවරුවේ එම ධුරයේ වැඩ භාරගත්තේය.

ඔහු එම තනතුරට පත්කෙරුණේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි.

මහාචාර්ය කපිල සෙනෙවිරත්න යනු කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් වන අතර මෙරට සිටින දක්ෂ පර්යේෂකයෙකු ද වේ.

ඒ මහතා, 1990 වසරේ දී, කැළණිය විශ්ව විද්‍යාලයෙන් රසායනික විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධියක් ලබා ගෙන තිබුණි.

පසුව, එක්සත් ජනපදයේ වේන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත්, කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් ලබා ගෙන තිබේ.