කන්ජිපානි ගෝලයෝ තුනක් අත්අඩංගුවට

කන්ජිපානි ගෝලයෝ තුනක් අත්අඩංගුවට

විදේශගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසින් මහබාගේ සහ හා රාගම ප්‍රදේශයන්හි සිදුකරන ලද මෙහෙයුම් වලදීයි.

එහි දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු රාගම සහ වැලිසර ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 28 සහ 26 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 24ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 440ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 610ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 650ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 30ක්, ඩිජිටල් තරාදියක් සහ ජාවාරමින් උපයාගත් රුපියල් 47,000ක මුදලක් ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මහබාගේ පොලිස් ස්ථානයට සහ රාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.