තවත් ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සහය රනිල්ට

තවත් ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සහය රනිල්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂ නායකයාට රටේ ඉදිරි ආර්ථික ස්ථාවරත්වයක් වෙනුවෙන් සිය උපරිම සහාය ලබාදෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් ද වැඩි ආර්ථික ස්ථාවරත්වයක් සහ රටේ අභිවෘද්ධිය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමා වෙත සිය සහයෝගය ලබා දෙනු ඇති බව ද විදුලිබල අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.