කළුතර දකුණ පොලිස් ස්ථානාධිපතිගේ ජීප් රථයේ එන්ජිමට ලුණු දාලා

කළුතර දකුණ පොලිස් ස්ථානාධිපතිගේ ජීප් රථයේ එන්ජිමට ලුණු දාලා

කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි කියන සිධියක් වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම නිල රියේ එන්ජිම එකවරම අක්‍රිය වීම සම්බන්ධයෙන් පොලිස් ජීප් රථ අලුත් වැඩියා සිදු කටයුතු සිදු කරන අදාල සමාගම වෙත ගොස් සිදුකළ මූලික පරික්ෂාවේ දී මේ බව අනාවරණය වී තිබේ.

යොදා ඇති ලුණු වර්ගය ආහාර පිසීමට ගන්නා ඒවා නොවන බවත් පොල් ගස් වලට යෙදීමට ගන්නා ලුණු වර්ගයක් බවත් අනාවරණය වී ඇතැයි පැවසේ.

මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.