ශ්‍රී ලංකාවට කිසිඳු සංචාරක තහනමක් පනවා නෑ – අමෙරිකානු තානාපති

ශ්‍රී ලංකාවට කිසිඳු සංචාරක තහනමක් පනවා නෑ – අමෙරිකානු තානාපති

ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයක සංචාරක තහනමක් පනවා නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පැවසුවාය.

පසුගියදා නිවේදනයක් නිකුත් තරමින් සඳහන් කළේ, මෙරට සිටින අමෙරිකානු පුරවැසියන්ට තාවකාලිකව ආරුගම්බේ ප්‍රදේශය මගහැර සංචාරය කිරීමට කටයුතු කරන ලෙස බව අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළාය.

“යම් ආරක්ෂක තර්ජනයක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති අංශ දැනගතහොත් එම තොරතුර ගැන අපි අපේ කාර්ය මණ්ඩලය, අමෙරිකානු පුරවැසියන් සහ අදාළ රජය දැනුවත් කිරීම කළ යුතුයි.

ඒ සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ. එය ලොව පුරා අපි භාවිත කරන පිළිගත් ක්‍රමවේදය.

අපි ආරුගම්බේ ප්‍රදේශයට ඇති තර්ජනය සම්බන්ධයෙන් දැනගත් පසු අපි එම දැනගත් කරුණු ශ්‍රී ලංකා බලධාරීන් ට දැන්වූවා. ඔවුන් ඊට ඉක්මණින් ප්‍රතිචාර දැක්වූවා.” ජූලි චන්ග් පැවසුවාය.