ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම ගොණු කළ නඩුවකට අදාළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මහාධිකරණ වරෙන්තු නිකුත් කර තිබුණා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සුඛෝපභෝගී වාහනයක් තරු පන්තියේ හෝටල් පරිශ්රයක නවතා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි ඔහුව අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සමුපකාර වෙළෙඳ අමාත්‍යවරයාව සිටිමින් රාජකාරියට පරිබාහිරව සිය සේවකයන් දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද පෙරවරුවේ වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන එම නඩුව අද දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු BMW වාහනේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටින බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර සිටියා.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට වරෙන්තු නිකුත් කළ අතර මෙම නඩුව ලබන ජනවාරි මස 27 වන දින නැවත කැඳවීමට ද නියම කළා.
එම නඩුවන්ට අදාළවයි හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.