යාපනේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ වධකාගාරයක් – සිසුවියන් 11ක් පොලිසියට බාර වෙලා

යාපනේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ වධකාගාරයක් – සිසුවියන් 11ක් පොලිසියට බාර වෙලා

යාපනයේ ඌර්කාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ අමානුෂීය ලෙස සිදුවන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11 දෙනෙකු පොලීසියට පැමිණ බාර වීමත් සමගම පොලීසිය එම නේවාසිකාගාරයේ පාලිකාව ඊයේ (28) අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ඌර්කාවතුරේ පොලීසිය වෙත එම සිසුවියන් පැමිණ බාර වූ අවස්ථාවේදී ඔවුන්ගෙන් ප්‍රකාශයන් ලබා ගැනීමටවත් නොහැකි ලෙස සිසුවියන් පහර කා සිටි බව පොලීසිය පැවසුවේය.

වහාම එම සිසුවියන් යාපනය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

පසුව පොලීසිය එම නේවාසිකාගාර පාලිකාව අත් අඩංගුවට ගෙන ඌර්කාවතුරේ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයව දින දෙකකට රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා තමන් යාපනය ශීක්ෂණ රෝහලට ගොස් සිසුවියන්ගේ තත්ත්වය සොයා බලන තෙක් කිසිදු බාහිර පුද්ගලයෙකුට එම සිසුවියන් හමුවීමට ඉඩ නොතබන ලෙසද පොලීසියට නියෝග කොට තිබේ.

සිසුවියන්ගේ දෙමව්පියන්ටද සිසුවියන් හමුවීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙස ප්‍රකාශ කළ මහේස්ත්‍රත්වරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියන්ගෙන් වෙන වෙනම ප්‍රකාශ ලබා ගෙන යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ වාර්තාද ඉතා සූක්ෂම තොරතුරු පවා ඇතුළත් වන ආකාරයට ලබා ගන්නා ලෙස පොලීසියට නියෝග කළේය.

ඒ අනුව යාපනයේ ඌර්කාවතුරේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Share This