විසන්ධි වූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම ගැන දැනුම්දීමක්

විසන්ධි වූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම ගැන දැනුම්දීමක්

ලබුගම – කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබා දිය හැකි වනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද අලුයම 02ට පමණ හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් කලටුවාව සිට මහරගම දක්වා ජලය ගෙන යන නළයක ගැටී අනතුරක් සිදුව තිබුණි.

මේ තත්ත්වය හමුවේ ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම මේ වන විට අත්හිටුවා තිබේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති මෝටර් රථය ගොඩගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අදාළ ජල නළයේ ගැටී පෙරළී ගොස් තිබේ.

අනතුරින් නළය පුපුරා යෑමෙන් ඊයේ (16) රාත්‍රියේ සිට ඉන් ජලය පිටතට කාන්දු වී තිබුණි.

යාබඳව පිහිටි විදුලි රැහැන් කණුවක්ද ජල පහරේ වේගයට කඩාවැටී තිබෙන අතර සිදුවන ජල කාන්දුව නිසා කලටුවාවේ සිට සිදු කරන ජල සැපයුම නතර කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගනු ලැබීය.

Share This