ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ විදේශ සේවා අධිකාරිය විසින් එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන්ට හදිසි අවස්තාවක් ඇති වූවහොත් ඇමතීම සඳහා දුරකථන අංක කිහිපයක් සහ මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

ඒ අනුව, හදිසි තත්ත්වයක් ඇති වුවහොත් පමණක් අදාල දුරකථන අංකයන්ට හා තානාපති කාර්යාල අමතන ලෙස එරට විදේශ සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොගන්නා ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දෙයි.

Israel police (text message – 052 – 2020100)
Magen David Adom (SMS+Whatsapp – 052 – 7000101)
Firefighting and rescue Service (SMS+Whatsapp – 050 – 5960733)
Electric corporation (SMS+Whatsapp – 055 – 70000103) යන දුරකථන අංක ඔස්සේ තොරතුරු විමසිය හැකියි.