ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදීමෙන් ඊශ්‍රායලයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශ සීමාව ආසන්නයේ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස තුවාල ලබා තිබේ.

එම පුද්ගලයාගේ හිසට යකඩ කැබැල්ල වැදී තුවාල සිදුව ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඔහු රෝහල්ගතකර තිබේ.

කෙසේවෙතත් එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.

ඉරානය විසින් ඊයේ (13) රාත්‍රී කාලයේ දී ඊශ්‍රායලය වෙත ෂෙල් වෙඩි 500කට අධික ප්‍රමාණයක් සහ මිසයිල ප්‍රහාර 500කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර එම අවස්ථාවේ සයිරන් නලා නාද වුවද ඔවුන්ගේ ආරක්ෂිත කාමරය වෙත දිව යන අතරතුර එම අනතුර සිදුව තිබේ.

කෙසේවෙතත්, තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා හැර වෙනත් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට අදාළ ප්‍රහාරයන්ගෙන් හානියක් සිදුව නොමැති බැවින් ඔවුන් සියලු දෙනා ආරක්‍ෂිත බවයි තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.