උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය අද (22) ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, 2024 මැයි මාසයේදී 1.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 2.4% ක් දක්වා වැඩි වී ඇත.

2024 මැයි මාසයේදී 0.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූනි මාසයේදී 1.9% ක් දක්වා වැඩි වී ඇත.

තව ද, 2024 මැයි මාසයේදී 2.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූනි මාසයේදී 2.7% ක් දක්වා වැඩි වී තිබේ.